Saturday, October 1, 2011

ශ්රීත ලංකාවේ විශාලතම පෞද්ගලික රෝහල මේ වන විටත් ඉදි කිරීමට කටයුතු යොදා ඇත

Posted By SLBBC On Saturday, September 17th 2011 In Local News |  | 

මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික රෝහල මේ වන විටත් ඉදි කිරීමට කටයුතු යොදා ඇති බව මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපිය සංවිධානයේ සභාපති ටෙරන්ස් ද සිල්වා මහතා පැවසීය.
මාළඹේ වෛද්‍ය විද්‍යාලය අඩු පහසුකම් සහිත ස්ථානයක් බවට අසත්‍ය ප්‍රචාර කරමින්රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ කිහිපදෙනෙකු විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙල හෙලා දකින බවද මාධ්‍ය හමුවක් සඳහා සහභාගී වෙමින් ඒ මහතා සඳහන් කළේය.
එසේම මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ තිබිය යුතු සියලුම පහසුකම් ස්ථාපිත කළ පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදීමට කටයුතු කරන බව එහි සභාපතිනී මහාචාර්ය ලලිතා  මෙන්ඩිස් ඇතුළ නිළධාරීන් පිරිස ප්‍රකාශ කළ බවද වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපිය සංවිධානය ප්‍රකාශ කළේය

No comments:

Post a Comment