Saturday, October 29, 2011

හෙද හිගය උග්‍ර වෙයි

 

ශ්‍රී ලංකාව පුරා සේවයේ යෙදවීමට හෙද හෙදියන් 45000 ක් පමණ අවශ්‍ය වන අතර දැනට සිටින්නේ හෙද හෙදියන් 25000ක් පමණක් බව වාර්තා වේ.
මේ බව පෙන්වා දෙන්නේ හෙද සංගම් කියා සිටින්නේ විශේෂිත රෝගී සත්කාර අවශ්‍යවන රොහල්වල ශල්‍යාගාර දැඩිසත්කාර ඒකකවල හෙද හෙදියන් දිනකට පැය 12 ත් 18 ත් අතර ප්‍රමාණයක් සේවයේ නිරත වන බවය.
පසුගිය වසරවල සේවයට බදවාගත් හෙදියන් සියලු දෙනා උතුරු නැගෙනහිර පළාත්වල සේවයේ යෙදවීම නිසා සියලුම රෝහල්වල හෙද හෙදියන්ට දැඩි සේවා පීඩනයකට මුහුණ දීමට සිදුව ඇතැයි ද වාර්තා වේ.
දැනට හෙදියන් ලෙස පුහුණුවන්නන් සේවයට යෙදවීම 2014දී සිදුවන්නට නියමිත බැවින් හෙද හිගය මගහරවා ගැනීම සදහා දැනට සේවයෙන් විශ්‍රාම ගොස් සිටින එහෙත් සේවය කළ හැකි හෙදියන් සේවයට බදවාගැනීමටත් දැනට සේවයේ නිරතවන හෙද හෙදියන්ගේ සේවා කාලය අවු. 63 දක්වා දීර්ඝ කිරීමටත් හෙද සංගම්වලින් යෝජනා ඉදිරිපත් වී ඇති බවද පැවසේ.

Arabuma news


No comments:

Post a Comment