Wednesday, October 12, 2011

Sri Lanka News-Adadearana-Truth First

නීතියෙන් බැහැරව හෙද උසස් වීම් ලබාදීමේ සූදානමක්

October 13, 2011  09:25 am
පළමු ශ්‍රේණීයේ හෙද නිලධාරී උසස් වීම් ලබාදීම බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නීති රීති වලින් බැහැරව සිදුකිරීමට සූදානම් වන බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

කළමනාකරණය හා අධීක්ෂණය පිළිබඳ පුහුණුව ලැබු හෙද නිලධාරීන් 79 දෙනෙකු බස්නාහිර පළාත තුළ සිටින බව එම සංගමය පෙන්වා දෙයි.

කුසලතා පදනම මත ඔවුන්ට පත්වීම් ලබාදිය යුතු වුව ද එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නොමැති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එබැවින් කුසලතා ලේඛනයක් සකස් කර අදාළ පත්කිරීම් සිදුකළ යුතු බව එම සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment