Saturday, October 29, 2011

හෙද නිලධාරීන්ට සේවා දිගුවක් එපා - හෙද නිලධාරීන්ගේ සංගමය

Asian mirror -2011 ඔක්තෝබර් 29 වෙනි සෙනසුරාදා, 10:57


හෙද නිලධාරීන්ට වයස අවුරුදු 63 තෙක් සේවය කිරීමට ඉඩදෙන ලෙසට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කර ඇති ඉල්ලීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරයි.
රාජ්‍ය සේවයේ වයස අවුරුදු 60 ඉක්ම වූ නිලධාරීන්ට සේවා දිගු ලබා නොදීම  ප්‍රතිපත්තිය වන අතර ඊට අදාල රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 9-2007 තුළින් ද මෙය අවධාරණය කර ඇතැයි සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කරයි.
වයස අවුරුදු 60 සීමාව ස්ථාපිත කර ඇත්තේ එම නිලධාරීන්ගේ කායික හා මානසික යෝග්‍යතාව සේ ම ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැනි කරුණුද පදනම් කරගෙන බව ද හෙතෙම සඳහන් කරයි.

No comments:

Post a Comment