Wednesday, October 26, 2011

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීති විරෝධීයිද?

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීති විරෝධීයි
- වෛද්‍ය සංගමය කියයි

අපේ ස්‌ථාවරයේ කිසිදු වෙනසක්‌ නැහැ

ඒමන්ති මාරඹේ

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීති විරෝධී ආයතනයක්‌ බවට තම සංගමය විසින් දරන ස්‌ථාවරත්වයෙහි කිසිදු වෙනසක්‌ නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිසුන් හට පෞද්ගලික රෝහල් දෙකක සායනික පුහුණුව ලබාදීමට කටයුතු යොදා ඇති බවට ඇතැම් බලධාරීන් විසින් ගෙන යන ප්‍රචාරයන් පිළිබඳව අදහස්‌ දක්‌වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය. අදාළ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිසුන්ට සායනික පුහුණුව යම් කිසි රෝහලක්‌ හරහා ලබා දීමට පෙර ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගත යුතු බවත් එවැනි අනුමැතියකින් තොරව කිසිවෙකුට හිතුමතේට සායනික පුහුණුව අදාළ සිසුන් සඳහා ලබා දිය නොහැකි බවත් වෛද්‍ය පාදෙනිය කීවේය.
උපුටාගැනීම

http://www.divaina.com/2011/10/26/news10.html

No comments:

Post a Comment