Wednesday, October 12, 2011

තහනම් දිව්‍ය-‍‍‍‍‍ඖෂධය, කැනබිස් (මරිජුවානා)

c) LankaEzine 2011
ම්රිතා නැමැති දේව පානය දිව්‍යලෝකයෙන් පොළොවට හැළුණු විට, එතැනින් කැනබිස් ශාකය මතු විය.” පාරම්පරික ඉන්දියානු ලියවිල්ලක්, කැනබිස් (මරිජුවානා) ශාඛය ගැන කියන්නේ එසේය. පාරම්පරික ඉන්දියානුවන්ට අනුව, මිනිසාට සතුට, වීර්ය්‍යය සහ ශක්තිය ලබා දීම පිණිස
දෙවියන් මිනිසුන් වෙත කැනබිස් ශාඛය එවූසේක. තවත් කථාන්තරයකට අනුව, අම්රිතා ලබා ගැනීම පිණිස දෙවිවරැ කිරි සයුර කලතන විට, එයින් කැනබිස් ද පැණියක් ලෙස ප්‍රථිපල විය. ලැබුණු එම පැණිය ශිව දෙවියන්ට පූජා කෙරැණු අතර ම, ‍එය ඉන්ද්‍රා දෙවියන්ගේ ප්‍රියතම පානය බවට ද පත් විය. කිරි සයුර කැලතූ පසු, අම්රිතා පානය කොල්ල කෑම පිණිස යක්ෂයින් උත්සාහ ගත් නමුත්, ‍දෙවියෝ එම උත්සාහය ව්‍යවර්ථ කිරීමට සමත් වූහ. තමන්ගේ මෙම ජයග්‍රහණය සනිටුහන් කිරීම පිණිස ඔවුහු කැනබිස් වෙත “විජය” නැමති නම ලබා දුන්හ. මෙම සිදුවීම නිසා, කැනබිස් නැමැති මෙම දෙවියන් ගේ ශාකය පාවිච්චි කරන්නන්ට දිව්‍යමය බල ලැබෙන බව ඉන්දියානුවෝ විශ්වාස කරති. ඉන්දියානු වේද ග්‍රන්ථ වල කැනබිස් හැදින්වෙන්නේ, “මිනිසාට යහපත් ශරීර සෞඛයක් සහ දීර්ඝායුශ දෙන්නාවූත්, ඔහුට ‘දිව්‍යමය දර්ශණ’ පෙන්නන්නාවූත් ඖශධයක්” ලෙස ය. 
            මිනිසා සහ කැනබිස් ශාකය අතර සම්බන්ධය අවුරැදු දස දහසක් තරම් පැරණිය. පැරණි මිනිසා මෙම ශාකය කෙදි ලබා ගැනීමට, තෙල් ලබා ගැනීමට, ආහාර වශයෙන්, මානසික උත්තේජකයක් වශයෙන් සහ රෝග බොහෝ ගණනාවකටම ‍ඹෞශධයක් වශයෙන් භාවිතා කළෝය. පැරණි ශිෂ්ඨාචාර වල මෙය භාවිත කළ බවට සාධක බොහෝ ඇත. චීනය, තුරැකිය, තායිලන්තය, ඊජිප්තුව වැනි රටවල ඇති පැරණි නටඹුන් අතර, ශක්තිමත් කැනබිස් කෙදි වලින් සෑදු බඩු භාහිරාදිය සොයාගෙන තිබේ. මුලින්ම මධ්‍යම ආසියාවේ දී පාවිච්චියට ගැනුණු කැනබිස්, පසුව මුළු පැරණි ලෝකය පුරාම ව්‍යාප්තව ගියේ එහි ප්‍රයෝජනවත් බවට සාක්ෂි සපයමිනි. ක්‍රි.ව. 1700 පමණ වන තෙක්, කැනඩාව, වර්ජිනියාව, නිව් ඉංග්ලන්ඩ් වැනි නව ලෝකයට අයත් ස්ථානයන්හි ද කැනබිස් වගාව කෙරිණි. එහෙත් කුතුහලයජනක ලෙස, වර්ථමානයේ මෙම ශාකය පොදු ජනයාට වගා කිරීමට, ලග තබා ගැනීමට සහ ප්‍රවාහනයට තහනම් කොට තිබේ. අද කැනබිස් ලබා ගැනීමේ එකම ක්‍රමය වන්නේ, වෛද්‍යවරයෙකු ගේ සහතිකය මත බෙහෙතක් ලෙස බෙහෙත් ශාලාවකින් පමණි. ලංකාව සහ ඉන්දියාව වැනි රටවල නම්, ආයුර්වේද වෙදකම සදහා ද කැනබිස් යොදා ගන්නා බව සදහන් වේ. පහත දැක්වෙන්නේ කැනබිස් බෙහෙතක් වශයෙන් පාවිච්චි කළ හැකි අවස්ථා කීපයකි:

* වෙළද බෙහෙත් වර්ග වලට වඩා හොදින් ඇල්සයිමර් රෝගය පාලනය කිරීම සදහා කැනබිස් භාවිතා කළ හැකි බව කියවේ. එය මගින්, මොලයේ ඇති වන “ඇල්සයිමර් ඵලක” ඇති කිරීම සදහා වගකිව යුතු
acetylcholinesterase නැමති එන්සයිමය නිපදීම අඩාල කෙරේ.

* භින්නෝන්මාදය, ද්විධ්‍රැවතාවය සහ අවපීඩනය වැනි මානසික රෝග යහපත් අතට පෙරලයි.

* පියයුරැ පිලිකාවක් සිරැරේ අනෙක් තැන් වලට පැතිරීම නවත්වයි.

* HIV/AIDS රෝගීන් ගේ කෑම රැචිය වඩවයි.

* මොළයේ පිළිකා සෛල විනාශ කරයි.

* ALS රෝගයේ රෝග ලක්ෂණ පාලනය කිරීමට යොදා ගත හැකිය.

* කැනබිස් පාවිච්චි කළ හැකි තවත් රෝග ලැයිස්තුවක් මෙසේය:

* Amyotrophic lateral sclerosis
* Diabetes mellitus
* Dystonia
* Fibromyalgia
* Gastrointestinal disorders
* Gliomas
* Hepatitis C
* Human Immunodeficiency Virus
* Hypertension
* Incontinence
* Multiple sclerosis
* Osteoporosis
* Pruritis
* Rheumatoid arthritis
* Sleep apnea
* Tourette’s syndrome


              කැනබිස් භාවිතය තහනම් කිරීමේ එක් හේතුවක් නම් කැනබිස් මත්ද්‍රව්‍යක් ලෙස යොදා ගැනීම බව කියවේ. එහෙත් එයට මත්ද්‍රව්‍යකැයි නම් දී තිබුණද, එය භාවිතා කරන කිසිවෙකු එයට ඇබ්බැහි නොවන බවත්, එයින් සිරැරට කිසිත් හානියක් නොමැති බවත් අධ්‍යයන වලින් හෙලිවී ඇත. ඇත්තෙන්ම ඇතැම් අධ්‍යයන වලට අනුව, කැනබිස් පාවිච්චිය සෞඛ්‍යට හිතකර ය.
               වෙනත් පරීක්ෂන සහ අත්හදා බැලීම් වලට අනුව, කැනබිස් මගින් භාවනා ක්‍රම මගින් ලබා ගත යුතු විශ්වීය දැනුම සහ අවබෝධය ලබා දෙයි. මෙම අදහස පැරණි කාලයේ සිටම පැවතෙන්නකි. පැරණි ආගමික අවස්ථා වලදී කැනබිස් පාවිච්චිය සිදු වූ බව කියවේ. හිමාල ප්‍රදේශයේ තාන්ත්‍රික් බුදු දහම අනුගමනය කරන යෝගීහු, භාවනා උපකාරකයක් වශයෙන් සහ මානසික උත්තේජකයක් වශයෙන් එය භාවිතා කරන බව සදහන් ය. කැනබිස් ශරීරගත වූ විට මනස “විශාලනය” වන බවට පැවසෙන අතර, පාවිච්චි කරන්නාට සාමාන්‍ය භෞතික විශ්වයේදී අත්දැකීමට නොලැබෙන අද්දැකීම්, දර්ශණයන් සහ අවබෝධයන් ලැබෙන බව කියවේ. මතු දැක්වෙන්නේ කැනබිස් පාවිච්චි කරන්නෙකු ගේ අදහසකි: “ජීවිතය සහ ලෝකය යනු අභිරහසකි. එහෙත් ලෝකයේ නියම ස්වභාවය ඔබෙන් වසන් කර තිබේ. සත්‍ය වසන් කරන මෙම පටලය බිදින ක්‍රම තිබේ. කැනබිස් යනු ඒ අතරින් හොදම ක්‍රමයකි.”
              කැනබිස් තහනම් කිරීමේ අනෙක් හේතුව ලෙස කියවෙන්නේ, කැනබිස් තහනම ඉවත් කලහොත්, සෑම දෙනාටම එය භාවිතයට ගැනීමට හැකි වීම නිසා ඔවුන් රෝග වලට ගොදුරැ වීම අවම වීමය. මෙය වානිජ බෙහෙත් කර්මාන්තයට පාඩු දායකය. මෙනිසා කැනබිස් පොදු ජනයාට ලබා ගත නොහැකි තහනම් පැලෑටියක් ලෙස ඒ ඒ රටවල ආණ්ඩු මගින් පවත්වාගෙන යනු ලැබේ යැයි කියවේ.
              නව ලෝකයට අයත් සුප්‍රසිද්ධ පුද්ගලයින් කැනබිස් භාවිත කළ සාධක තිබේ. මෙයින් එක් අයෙකු නම් විලියම් ශේක්ස්පියර් ය. ඔහුගේ ගෙවත්තේ වැළලී තිබී කැනබිස් භාවිතය සදහා ගත් දුම් පයිප්ප පසුව හමුවී ඇත. එමෙන්ම විද්‍යාඥයකු සහ සුප්‍රසිද්ධ ‍විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකු වූ ‍කාර්ල් සගාන් ද කැනබිස් ගත් බවට කියවේ. තවත් බොහෝ සංගීතඥයින් සහ චිත්‍ර ශිල්පීන් ද කැනබිස් ගත් බව ප්‍රසිද්ධය. පහත දැක්වෙන්නේ කැනබිස් භාවිතා කළ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ සමහරක් සහිත ලැයිස්තුවකි:

• Abraham Lincoln.
• Aldous Huxley
• Alexander Dumas
• Arthur Conan Doyle. Author, creator 'Sherlock Holmes'.
• Beatles.
• Bill Clinton.
• Bill Gates.
• British Lords & MP's - too many to list .
• Carl Sagan. Author.
• Charles Dickens.
Edgar Allen Poe. Author, multi-drug user.
• Elvis Presley. Singer, FBI informer. • Emperor Liu Chi-nu.
• Ernest Hemmingway. Author.
• George W Bush. Possibly the greatest living hypocrite.
• George Washington.
• Herman Hesse.
• John F Kennedy. Popular US president (assassinated).
• John Keats. Poet.
• Prince Charles.
• Prince William.
• Prince Harry.
• Pythagoras.
• Queen Victoria.
• Ram Dass.
• Stephen King.
• Victor Hugo. • Whitney Houstonn. Busted at Hawaii airport but ran away.
• William Shakespeare. Playwright.
• Winston Churchill. British Prime Minister, poet, artist & multi drug user.
• Zoroaster. Persian prophet.







              කැනබිස් ශාකය කෙතරම් අසාමාන්‍ය ශාකයක් වූයේද යත්, එය අයත් වන්නේ කුමන ශාක පවුලකට දැයි තීරණය කිරීමට උද්භිත විද්‍යාඥයින්ට සෑහෙන කාලයක් ගත විය. විවිධ කාල වලදී විද්‍යාඥයින් මෙය විවිධ කුල වලට ඇතුළු කළද, ඒ එකකටවත් කැනබිස් ශාකය මුළුමනින්ම අනුරෑප නොවීය. මෙහෙයින් ඔවුහු කැනබිස් සදහා, Cannabaceae නමින් අළුත් ම ශාක පවුලක් සෑදූහ.

No comments:

Post a Comment