Tuesday, November 1, 2011

වංචනික සහතික ඉදිරිපත් කළ වෛද්‍යවරුන් 70 දෙනාට එරෙහිව අමාත්‍යංශයෙන් පරීක්‌ෂණයක්‌ ඕනෑ

- වෛද් නිලධාරීන්ගේ සංගමය කියයි
ඒමන්ති මාරඹේ
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් වෛද් විද්යාලයේ වෛද් උපාධිය හැදෑරීම සඳහා සෞඛ් අමාත්යාංශය හරහා වැටුප් සහිත අධ්යයන නිවාඩු ලබාගෙන එම අධ්යයන කටයුතුවල නිරත නොවී පෞද්ගලික වෛද් සේවයේ යෙදුණු රජයේ ලියාපදිංචි හා සහකාර වෛද් නිලධාරීන් 70 දෙනකුට එරෙහිව අමාත්යාංශ මට්ටමේ පරීක්ෂණයක්පවත්වන්නැයි සෞඛ් අමාත්යාංශයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද් නිලධාරීන්ගේ සංගමය පවසයි.
අදාළ ලියාපදිංචි හා සහකාර වෛද් නිලධාරීන් පිරිස පූර්ණකාලීන නේවාසික වෛද් පාඨමාලාවක්හැදෑරූ බව පවසමින් රුසියානු වෛද් පීඨයකින් ලබාගත් වංචනික සහතික ඉදිරිපත් කළද එම සහතික පිළිගැනීම ශ්රී ලංකා වෛද් සභාව විසින් ප්රතික්ෂේප කර ඇතැයි වෛද් නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද් උපුල් ගුණසේකර මහතා පැවසීය.
මේ අනුව අදාළ පිරිසට එරෙහිව වංචනික සහතික ඉදිරිපත් කිරීමේ වරද සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට වෛද් සභාව පියවර ගත යුතු යෑයි ඔහු අවධාරණය කළේය.
වසර හයක පිළිගත් වෛද් උපාධියක්විදේශීය රටකින් ලබාගෙන තිබුණේ නම් අදාළ පිරිස වෛද්යවරුන් වී තමන් සමග සේවයේ යෙදීමට ඉඩ තිබූ බව කී වෛද් ගුණසේකර එහෙත් ඔවුන් එම අවස්ථාව පැහැර හරිමින් ශ්රී ලංකාවේ පිහිටි ආයතනයක මාස හයක කාලයක්අධ්යාපනය ලබාගත් බවට පෙන්වූ වෛද් උපාධි සහතික වංචනික ඒවා බව වෛද් සභාව හා පොලිස්දෙපාර්තමේන්තුව විසින් වෙන් වෙන්ව පැවැත්වූ පරීක්ෂණවලදී තහවුරු වූ බව සඳහන් කළේය.
මෙවැනි වංචනික වෛද් උපාධි සහතික ඉදිරිපත් කරන පිරිසක්වෛද් සභාවේ වෛද්යවරුන් ලෙස ලියාපදිංචි නොකළ යුතු බව වත්මන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් එවකට නඩු තීන්දුවක්ලබාදී ඇති අතර එය ශේ්රෂ්ඨාධිකරණ නඩු අංක 39/2006 මගින් පැහැදිලිව දක්වා ඇතැයිද වෛද් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. කොළඹ රජයේ වෛද් නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ ඊයේ (31 වැනිදා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම කරුණු අනාවරණය කළේය.


Divaina 2011.11.01

No comments:

Post a Comment