Friday, November 4, 2011

රෝගීන්ට ප්‍රතිකාර කරන මුවාවෙන් සිරුරේ කොටස්‌ ලබාගන්නා ජාවාරමක්‌

සීගිරිය සරත් එරමිණිගම්මන
සුවකළ නොහැකි රෝගවලින් පෙළෙන රෝගීන්ට ප්රතිකාර කරන මුවාවෙන් අයව ඉන්දියාවට ගෙන යන බව පවසා සිරුරේ කොටස්ලබාගන්නා ජාවාරමක්පිළිබඳව දඹුල්ල, ඉබ්බාගමුව පදිංචි කාන්තාවක්තොරතුරු හෙළිකර තිබේ.
මෙම කාන්තාව තිස්අට හැවිරිදි තිදරු මවකි. ඇය නමින් ටී. ඩී. කාන්ති නමැත්තියෙකි.
මැය පිළිකා රෝගයට ගොදුරු වූ මවකි. ඉන්දියාවේ ප්රතිකාර කිරීමට රැගෙන යන මුවාවෙන් ඇයව ඉන්දියාවට ගෙන යන බව පවසා මහනුවර සිට කඩුගන්නාව පසුකරගෙන විත් බීමට යමක්දී ඇත. ඉන් පසුව ඇයට සිහි නැති වී තිබේ. වරින් වර සිහිය එන විට ඇයගේ සිරුරේ ලේ සහ වෙනත් අංග පිළිබඳව වෛද්යවරු කණ්ඩායමක්පරීක්ෂණ කර තිබේ.
පසුව මෙම කාන්තාව කෙසේ හෝ එම ස්ථානයෙන් පළාවිත් දුම්රියක නැගී දඹුල්ලට පැමිණ ඇත.
මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන බව මහනුවර රෝහලේ අධ්යක් වෛද් අනුර දිසානායක මහතා ''දිවයින'' කළ විමසීමේදී කියා සිටියේය.
Divaina - 2011/11/03

No comments:

Post a Comment