Monday, November 14, 2011

බස්‌නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේ


ක්රිෂාන්ති ගංගා කුමාරි
හෙද නිලධාරිනී ශික්ෂණ රෝහල කුරුණෑගල
උජුපටිපණ් ආදී ගුණයන්ගෙන් සපිරි ශ්රී ලාංකේය භික්ෂු සමාජය අප රට තුළ සිදු කළ ශාසනික මෙන්ම ජාතික සේවාවන් ඉතිහාසය පුරාම සටහන් වී ඇත්තේ අභිමානවත් උදාරත්වයකිනි. ආගමික ජාතික හා දේශපාලනික වශයෙන් උන්වහන්සේලා ආත්ම පරිත්යාගයෙන් කළ කැපකිරීම ජාතියේ පුනර්ජීවනයට හා සුරක්ෂිතතාවය කෙරෙහි සෘජු ලෙසම බලපෑ බව අපි දනිමු. එවන් උදාර සංඝ පීතෘවරයාණන් කෙනකු ලෙස සැලකෙන පූජ්යපාද මුරුත්තෙට්ටුවේ ආනන්ද අපේ හාමුදුරුවන් වහන්සේ ශාසන කීර්ති ශ්රී සුමංගල විද්යාවතංශ යන ගෞරව නාමය සහිතව බස්නාහිර පළාතේ ප්රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබා සිටිති.
උන්වහන්සේගේ ආගමික, ශාසනික හා ජාතික සේවය අගය කරනු වස්කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රී මහා සංඝ සභාව මගින් මෙම තනතුර පුදනු ලැබූහ. 1943 ජනවාරි 26 වෙනි දින මෙලොව එළිය දුටු උන්වහන්සේ සාංසාරික පුරුදුතාවයන් මොනවට සනාථ කරමින් කුඩා අවදියේම සසුනඹරේ කනක තරුවක්ලෙසින් පායා දිලුණි. විෙද්යාaදය මහ පිරිවෙනට ඇතුළත්ව පෙර අපර දෙදිග භාෂා ශාස්ත්රයන් ප්රගුණ කරමින් ධර්ම විනය හදාරා විෙද්යාaදය විශ්වවිද්යාලයේ ආරම්භක සිසු පිරිසට අයත්ව සරසවි අධ්යාපනය ලදහ.
සම්බුද්ධ ශාසනයටත් තමා උපන් දැයටත් එක සේ ඇලුම් කළ අප කතානායකයාණෝ සිය උගත්කම හා තාරුණ්යයේ ජවසම්පන්න ආත්මාභිමානය ඉතා සංයමයෙන් යුතුව තත්කාලීන ජාතික හා දේශපාලනික යුග මෙහෙවරක්වෙත යොමු කළහ. ඉන් එක්සේවාවක්ලෙස වර්ෂ 1969 නොවැම්බර් මස 05 වැනි දින පූජ් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේ සභාපතිත්වයෙන් රාජ් සේවා එක්සත් හෙද සංගමය බිහි විය. ශ්රී ලංකාවේ හෙද සේවා වෘත්තීය සමිතිවල ආරම්භය සිදු වූයේ විසිවැනි සියවසේ මුල් භාගය තුළ දීය. එවකට පැවැති වෘත්තීය සමිති සංඛ්යාව පහක්විය. එනම්,
සමස් ලංකා හෙද සේවා සංගමය
රජයේ හෙද සේවා සංගමය
ප්රජාතන්ත්රවාදී හෙද සංගමය
හෙද නිලධාරීන්ගේ සංගමය
පොදු හෙද සේවා සංගමය
මෙසේ හෙද වෘත්තිකයන් වෙනුවෙන් සංගම් පහක් පැවතුන නිලධාරීවාදයට යටත්ව අනේකවිධ දුක්දොම්නස්විඳ හෙද හෙදියන් තම වෘත්තීය අයිතීන් දිනා ගැනීමටත් සිය වෘත්තියේ අභිමානය ආරක්ෂා කර ගැනීමටත් නොහැකි තත්ත්වයක පැවතුණහ. මෙම යුගය වන විට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සිය ජනතා මෙහෙවර ආදර්ශවත් භූමිකාවක්තුළ ක්රියාත්මක කර තිබිණි. ජනතා සටන් උදෙසා කැප වෙමින් ප්රගතිශීලී ගමනක යෙදුණු අපේ හාමුදුරුවන් වහන්සේට තම ගැලවුම්කරුවා වීමට හෙද හෙදියෝ ආරාධනා කළහ. එවකට පැවැති බලවත් වෘත්තීය සමිති අතර ප්රමුඛ තත්ත්වයට පත්වීමට රාජ් සේවා එක්සත් හෙද සංගමය සමත් වූයේ මෙම සෘජු බලසම්පන්න නායකත්වය නිසාය. මෙතෙක්කල් වහල් සේවා ක්රමයක්ලෙස පැවැති හෙද සේවය 1977 ජුලි පළමු වැනිදා අඛණ් වූ සේවා මුරය ලබා ගැනීමට රාජ් සේවා එක්සත් හෙද සංගමය මගින් හැකියාව ලබා ගත්තේය. මෙවැනි ජයග්රහණයක්මගින් හෙද වෘත්තිකයන්ගේ සේවා අයිතීන් සුරක්ෂිත කරමින් තම මෙහෙවර ඉදිරියටම ගෙන යමින් අද පුරා හතළිස්වසරක්ඉක්මවා ඇති එක්සත් හෙද සංගමයේ අදටත් සභාපතිත්වය දරන උන්වහන්සේ අඩසිය වසක සේවා කාලය තුළ පූර්ණ කාලයක්අප සංගමය වෙනුවෙන් කැපවී සිටියහ.
නාරාහේන්පිට ශ්රී අභයාරාම විහාරයේ ආධිපත්යයට පත්වූදා සිට එම විහාරස්ථානය දැයේ ආගමික හා ජාතික මූලස්ථානයක්බවට පත්විය. අභයාරාමයේ වත්මන් දියුණුව උදෙසා උන්වහන්සේ සිදු කර ඇති කැපවීම දුටුවන් වශී කරවන සුලුය. අභයාරාමය අද අගනුවරට ආලෝකයක්ලබාදෙන අලංකාර වූත්, විචිත්රවූත්, බැතිබර කීර්තිමත් බෞද්ධ විහාරස්ථානයකි.
අපේ රටේ කීර්තිමත් දේශපාලන නායකයන් හා බැඳුණු සමීප ඇසුර තුළින් තම අනුගාමිකයන් ඇතුළු හෙද සංගමයේ සාමාජික සාමාජිකාවන්ට උපරිම සේවයක්සලසා ගැනීමට උන්වහන්සේ පසුබිම සකස්කර ගත්හ. හෙදියන්ගේ නායකත්වයට භික්ෂූන්වහන්සේ නමක් පත්වී සිටීම අනුමත නොකළ ඇතැම් දේශපාලනඥයන්ට තම අත්තනෝමතික තීරණ හමුවේ අභියෝගයක්වූ අපේ හාමුදුරුවන් වහන්සේ විවිධ දුක්ගැහැටවලට හා දේශපාලනික පළිගැනීමට ලක්වූහ.

"
යෝ ගිලානං උපට්ඨෙsති සෝ මං උපට්ඨෙSතී" යන බුදු වදනින් පෙන්වා දෙන පරිදි ගිලනුන්ට උපස්ථාන කිරීම බුද්ධ උපස්ථානයක්හා සම වෙයි. අනුව හෙද සංගමය වැනි උතුම් සංවිධානයක නායකත්වය දැරීමට අපේ හාමුදුරුවන්ට ඇත්තේ සාංසාරික වාසනාවකි. අභිනව නායක පදවියෙන් පිදුම් බලන අපේ නායක හාමුදුරුවන් වහන්සේට රට, දැය සමය වෙනුවෙන් තව තවත් සේවාවන් සිදු කරන්න නිදුක්නිරෝගී සුව ලැබේවායි ප්රාර්ථනා කරමු.

divaina 2011.11.14

No comments:

Post a Comment