Sunday, November 13, 2011

"සේවය කරන පළාතෙන්ම දරුවන්ට පාසල් දෙන තෙක්‌ වෛද්‍යවරුන් දුෂ්කර සේවයට නෑ"

ඒමන්ති මාරඹේ
පිට පළාත්වල සේවය සඳහා යන විශේෂඥ වෛද්යවරුන් ඇතුළු රජයේ වෛද්යවරුන්ගේ දරුවන් එම පළාත්වල පාසල්වලට ඇතුළත් කර ගැනීමේ පහසුකම් සලසන තෙක්කිසිදු රජයේ වෛද්යවරයකු මින් ඉදිරියට දුෂ්කර පළාත් ඇතුළු රටේ විවිධ ප්රදේශවලට යෑවීම නතර කිරීමට රජයේ වෛද් නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
හමුදා සේවාව ඇතුළු විවිධ සේවාවන් සඳහා දුෂ්කර පළාත් සේවයේ නිරත එම වෘත්තිකයන්ගේ දරුවන් එම පළාත්වල පිහිටි පාසල්වලට ඇතුළත් කිරීමේ පහසුකම් සලසා දී ඇතත් රජයේ වෛද්යවරුන්ට තම දරුවන් පිට පළාත්වල පාසල්වලට ඇතුළත් කිරීමේදී නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇතැයි වෛද් නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද් උපුල් ගුණසේකර මහතා ඊයේ (11 දා) පැවැසීය.
පශ්චාත් වෛද් උපාධි අධ්යාපනය සඳහා අනිවාර්යය විදේශීය පුහුණුව ලැබූ විශේෂඥ වෛද්යවරුන් විදේශයන්හි ඔවුනට හිමි වන සියලු පහසුකම් හැරදා තම මවුබිමෙහි සේවය සඳහා මෙරටට පැමිණ සතියකින් පමණ රජයේ අවශ්යතා මත රටේ විවිධ ප්රදේශවල සේවයට යොමු වන බව කී වෛද් ගුණසේකර මහතා එසේ පිට පළාත් සේවයට එන එම වෛද්යවරුන්ගේ දරුවන් එම පළාත්වල පාසල්වලට ඇතුළත් කර ගැනීමට නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයක්බව පෙන්වා දුන්නේය
මෙම තත්ත්වය මත බොහෝ විශේෂඥ වෛද්යවරුන් රට හැර යැමටත් පෙළඹී ඇතැයි පිට පළාත්වල සේවයට වෛද්යවරුන් නොයෑවීමට වෛද් නිලධාරීන්ගේ සංගමය ගෙන ඇති තීරණය මත දුෂ්කර ප්රදේශවල සෞඛ් සේවා බිඳවැටෙනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.
වෛද්යවරුන්ට පිට පළාත්වලදී දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ප්රශ්න පවතින බව සෞඛ් ඇමැතිවරයා හා අධ්යාපන ඇමැතිවරයා මෙන්ම සෞඛ් හා අධ්යාපන අමාත්යංශ බලධාරීන් පිළිගෙන ඇති බවත්, දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ පහසුකම් සලසන තෙක්රජයේ වෛද්යවරුන් පිට පළාත් සේවයට නොයෑවීමේ තීරණය එම බලධාරීන්ට දැනුම් දුන් බවත් වෛද් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ රජයේ වෛද් නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ ඊයේ (11 දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

2011.11.12 divaina


No comments:

Post a Comment