Tuesday, November 15, 2011

ඌණ කාර්ය සාධන ව්‍යාපාර සහ ඌණ උපයෝජිත වත්කම් යළි යථා තත්ත්වයට පත් කිරීමේ පනත් කෙටුම්පත - රට ආපස්සට හරවන්නක් gnoa

http://gnoasl.blogspot.com/2011/11/blog-post_14.html

Monday, November 14, 2011

    වර්තමාන ආණ්ඩුව පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීමේ පනත් කෙටුම්පතක් 2011 නොවැම්බර් 08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර, එය හදිසි පනතක් ලෙස විවාදයට ගෙන සම්මත කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇත. එයට අප සම්මේලනයේ බලවත් විරෝධතාවය රකාශ කරන්නෙමු.

   
හදිසි පනත් ඉදිරිපත් කල හැක්කේ ආණ්ඩුකරම ව්යවස්ථාව අනුව, ජාතික අවශ්යතාවයක් ඇති හදිසි අවස්ථාවල පමණක් වන අතර, එවැනි හදිසි ආපදාවක් හෝ වෙනත් හදිසි තත්ත්වයක් රටේ උද්ගත වී නැත.

   
එසේම මේ පිළිබඳව මහජනයා අතර සාකච්ඡුාවක් ඇති වීමට ඉඩ නොදීි කඩිමුඩියේ සම්මත කර රජයට පවරා ගැනීමට යාම තුළ ආණ්ඩුව මෙය සද්භාවයෙන් ඉදිරිපත් නොකරන එකක් බව පැහැදිලි වේ.

   
මෙම පනත හරහා යම් දේපළක් රජයට පවරා ගතහොත් එයට අභියෝග කිරීමට හෝ සාධාරණ වන්දියක් ඉල්ලා අධිකරණයට යැමේ බලය දේපළ අයිතිකරුට අහිමි කර ඇත.

   
එසේම පනත අනුව මූලිකව රජයට පවරා ගැනිමට ලැයිස්තු ගතකර ඇති ආයතන 36 තුළ ලාභ ලබන සෙවනගල හා පැල්වත්ත සීනි සමාගම් හා ලංකා රැක්ටර්ස් සමාගම ඇතුලත් කර තිබීම පනතේ නීතිමය රතිපාදන වලට පටහැනිය. නමුත් පාඩුපිට යන හි`ගුරාන සීනි කර්මාන්ත ශාලාව ලේඛනයට ඇතුත් කර නැත.

   
ආණ්ඩු වලට ව්යාපාර සාර්ථකව රියාත්මක කල නොහැකි බව ඉතිහාසයේ දී ඔප්පු වී ඇත. වසර කිහිපයකට පෙර ලාභ ලබන වතු රජයට පවරා ගත් ආණ්ඩුව ඒවා බංකොලොත් වීම නිසා පසුව නැවත පුද්ගලික අංශයට විකුණන ලදි. එසේම රජයට පවරාගත් ෂෙල් සමාගම විකුණා දැමීමට ආණ්ඩුව කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගත කිරීමෙන් පෙනීයන්නේ ව්යාපාර පවත්වාගෙන යාමට නොහැකි බවය.

   
එසේම රජයට අයත් රාජ් ආයතන 26 2010 දී පාඩුව රු. කෝටී 1100 කි. ඛණිජතෙල්, වරාය, විදුලිය, ජනතා සන්තක රවාහන සේවය හා මිහින් ලංකා වැනි රජයේ ආයතන පාඩු පිට යන අතර ඒවා ලාභ ලැබීමට හැකි තත්ත්වයකට පත් කිරීමට රජයට නොහැකි වී ඇත.

   
එසේම මෙවැනි පනතක් සම්මත කිරීම හරහා දේශීය හා විදේශීය ආයෝජකයන් රට තුළ ආයෝජනය කිරීම දුර්වල කරන අතර එය රටේ සංවර්ධනයට බාධාවක් වනු ඇත.

   
එසේම පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීමෙන් එම ආයතන වල සේවක සුභ සාධනය ඉහළ දැමීමට හැකි බව ආණ්ඩුව රකාශ කලද, දැනට රජය යටතේ ඇති පාඩු ලබන ආයතන තත්ත්වයට මෙම ආයතන වැටුණු පසු වැටුපවත් ලබා ගැනීමට එම සේවකයන්ට නොහැකි වනු ඇත.

   
මෙම තත්ත්වයන් හමුවේ මෙවැනි පනතක් මේ මොහොතේ ගෙන ඒමට කිසි`දු සාධාරණ හේතුවක් නොමැති බවත් මේ හරහා රට ආපස්සට ඇද දමන බවත් පැහැදිලිය.

   
එබැවින් මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නොගන්නා ලෙස අපි ආණ්ඩුවට බලකර කියා සිටින්නෙමු.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

No comments:

Post a Comment