Tuesday, November 15, 2011

ගැහැනුකම පාපයේ උරුමයක්‌ද?

යමෙකුගේ සමාජීය අයිතිවාසිකම් පුද්ගලයාට නොදැනෙන ලෙස අහිමිකිරීමට පිළිබඳ ගොඩනැඟී ඇති සාවද් සමාජ ආකල්ප බොහෝ දුරට උපස්ථම්භකවේ. කාන්තාව පිළිබඳ සමය සංස්ථාව තුළ ගොඩනැඟී පවතින මිථ්යාව නිසාම අද බොහෝ දෙනෙකු ස්ත්රිය දෙවන පෙළ පුරවැසියකු ලෙස සැලකීමට හුරුවී තිබේ. මේ අනුව නිරතුරුව ප්රථම වූ ස්ථානය හිමිවී ඇත්තේ පිරිමියාටය. ස්ත්රී පුරුෂ බව හුදෙක්ජීවවිද්යාත්මක අනන්යතාවයක්පමණි. එසේ තිබියදී පුරුෂයාට පළමු තැනත් ස්ත්රියට දෙවන තැනත් හිමිවීම දැඩි අසාධාරණයක් බව පිළිගැනීමට අද බොහෝ දෙනකු මැළිවන බව ඉතා පැහැදිලිව පෙනේ. මේ තත්ත්වය සත්යයකැයි ඉතා පැහැදිලිව විද්යමාන වෙද්දී පවා මේ බව පිළිගැනීමට අද බොහෝ පිරිසක්මැලිවීම පිටුපස මුළාවේ හා අවිද්යාවේ සාමයික කඩතුරාව ඇති බව පෙන්වාදිය හැකිය. යමක්සාමයික සංකල්ප තුළ බහා පිළිගැන්වූ විට අවිචාරපූර්වකව පිළිගන්නා ස්වභාවය මිනිසුන් තුළ බහුලව දක්නට ලැබෙන එක්නරක ලක්ෂණයකි. ස්ත්රිය පාපයේ සංකේතය ලෙස සාමයික ආකල්ප ඉදිරිපත් කරන අර්ථකථන කිසිදු වගවිභාගයක්නොමැතිව අවිචාරපූර්වකව ඉස්මුදුනින් පිළිගෙන කටයුතු කිරීම නිසා ඈත අතීතයේ පටන් වර්තමාන යුගය දක්වා අතිදීර්ඝ කාලවකවානුව තුළ ඇයට සිදුවී ඇති සමාජ හා සාමයික අසාධාරණය කෙතරම් විශාලද? සැබවින්ම ස්ත්රිය දෙවන පෙළ පුරවැසියකු නොවේ. එසේ නම් ඇයට එසේ සැලකීමට අනුබලදීමෙන් බොහෝ සමය සම්ප්රදායයන් සිදුකර ඇත්තේ තදබල වරදක්බව පෙන්වාදිය යුතුය. මන්ද ඇයට හිමිවිය යුතු සමාජ මට්ටමෙන් පහළ ස්ථරයකට ඇදදමා විශාලවූ අසාධාරණයක්සිදුකර ඇති හෙයිනි.
කාන්තාවක වී ඉපදීම පෙර පව නිසා සිදුවන්නක්? මීට ආගමානුකූල අර්ථකථන කොතෙකුත් ගෙන හැර සනාථ කළ හැකිය. එහෙත් මෙහි සමාජ විද්යාත්මක පැතිකඩ තුළ විද්යමාන ලක්ෂණය පහසුවෙන් බැහැර කළ නොහැකිය. ස්ත්රිය පිරිමියාට වඩා අනිවාර්යෙන්ම පහළ ස්ථානයක පසුවන බව මේ අදහස මගින් සමාජයට ඒත්තුගැන්වීමේ උත්සාහයක් මේ තුළ විද්යමානය. එනම් පාපය යනු නරක ක්රියායි. එසේ නම් නරක ක්රියාවල විපාකය කිසිසේත් හොඳ විය නොහැකිය. එසේ නම් මේ පෙන්වා දෙන්නේ පව්කම්වල නරක විපාකය ස්ත්රීත්වය බවද? යම් හෙයකින් මේ අදහස සත්යයකැයි පිළිගතහොත් මෙලොව සියලුම කාන්තාවන්ද බිහිවී ඇත්තේ පව්කම් විපාක වශයෙන් විය යුතුය. එසේ නම් මවුපදවිය දරණ සියලු ස්ත්රීහු අනිවාර්යයෙන්ම පාපකර්මවිපාකයෙන් බිහිවූවෝ වෙති. එසේනම් එබඳු ස්ත්රීන්ගේ කුස තුළ පුණ්යවන්ත උපතක්තිබිය නොහැකි විය යුතුය. සම්මා සම්බුද්ධත්වය මෙලොව මනුෂ්යයකුට ලැබිය හැකි අති උතුම් ආධ්යාත්මිකවූ තත්ත්වයයි. එසේ බුදුබව ලබන්නකු වුවද මෙලොව උත්පත්තිය ලබනුයේ සාමාන් මනුෂ්යයකු පරිදි මවු කුසකය. එසේ නම් බෝධිසත්ව දරුවා බිහිකරන බෝධිසත්ව මාතාවද උපත ලබනුයේ ස්ත්රියක ලෙස බැවින් ඇගේ උපතද පව්කාරකම නිසා ලැබුවක්විය යුතුය. නමුදු සත් තත්ත්වය නම් එසේ නොවේ. කිසිදිනෙක පිරිමියකුටනම් මේ තත්ත්වය ලද නොහැකිය. බෝධිසත්ව මාතාවක සේ යමකු උපත ලබනුයේ සසර කුසලධර්ම වඩා ප්රාර්ථනා කළ බලයෙන් බව ධර්මයේ සඳහන්ය.
මේ අදහස සාමාන්යයෙන් සමාජයේ මුල් බැසගත් ජනප්රිය ආකල්පයට වඩා හාත්පසින්ම වෙනස්බව පැහැදිලිවේ. එසේනම් ස්ත්රියක වී උපත ලැබීමට සිදුවීම පවුකමක විපාකයක්ලෙස සැලකීමේ වැරදි සමාජගත ආකල්පය මුළුමනින්ම සාවද් වූවක්බව පැහැදිලිවේ. වරද ඇත්තේ ඇගේ ස්ත්රී ආත්මභාවය තුළ නොව එසේ බැලීමට හුරුවූ සමාජ ආකල්ප තුළම බව මේ අනුව හෙළිවේ. මේ අයුරින් දිගින් දිගටම සලකාබැලීමේදී ස්ත්රියකව මෙලොව උපත ලැබීම පව්කාරකමක විපාකය නිසා සිදුවන්නක්ලෙස දක්වන සාවද් බමුණු මතය ඉවතලෑම ඉතා සුදුසු බව මොනවට පැහැදිලි විය යුතුමය. මෙය සිදුවී ඇත්තේ පුරුෂ කේන්ද්රීයව ලොව අර්ථකථනය කිරීමේ ප්රතිවිපාකයක්වශයෙන් බවද මෙහිදී අප අමතක නොකළ යුතුය. පුරුෂයෙකුව උපත ලැබීම සසර පෙර පින නිසා සිදුවන්නක්? මෙලොව පුරුෂයෙකුව උපත ලැබුවද ජීවත්වන කාලසීමාව තුළ නොයෙකුත් පාපිවූ වැරදි ක්රියා සිදුකරගනිමින් පවින්ම ජීවත්වන්නකු හුදෙක්ඔහුගේ ජීව විද්යාත්මක අනන්යතාව හෙවත් පුරුෂ බවම සලකා කෙසේ යහපත් යෑයි පිළිගන්නද? ස්ත්රී පුරුෂ බව ජීවවිද්යාත්මක අනන්යතාවයක්විනා යමෙකු කරන අකුසල, පාපී හෝ කුසල පුණ් විපාක වශයෙන් උරුමවන්නක්නොවන බව සැලකීම වඩා ප්රඥගෝචර බව පෙනේ.
එසේ නම් ලෝකයේ මෙබඳු වැරදි අදහසක්මෙපමණ කාලයක් පැවතෙනුයේ මක්නිසාද? ඊට හේතුව මෙලොව අනිවාර්යයෙන්ම පුරුෂ කේන්ද්රිය ස්වරූපයෙන් දැකීමට බොහෝ කාලයක පටන් සමාජය හුරුකර ඇති බැවිනි. මේ නිසා ස්ත්රියව අනිවාර්යෙන්ම පහත්කර සැලකීමට බොහෝ කාලයක පටන්ම ජනතාව හුරුකරනු ලැබ තිබේ. යමකු කුඩා කල පටන් ලැබෙන ආකල්ප වැඩිහිටියකුවූ පසුවද පහසුවෙන් අත්හැරගැනීමට අසීරු බව පැහැදිලි කරුණකි. දීර්ඝ කාලීනව පරම්පරා ගණනක්තිස්සේ මේ වැරදි අදහස පැවතීමේදී මිනිසුන් තුළ ආකල්පය පිළිගැනීමට යම්කිසි හුරුවක්ඇතිවීම ස්වභාවිකය. කිසියම් සාවද් අදහසක් බලහත්කාරයෙන් සමාජය තුළට කාවද්දා එය පිළිගැනීමට මිනිසුන් බලකර ඇති පසුබිමක එය නිවැරදි යෑයි පිළිගැනීමට සාමාන් මනුෂ් ස්වභාවයකි. ස්ත්රිය පුරුෂයාට වඩා පහත් බව සමාජ සම්මතය ලෙස පිළිගැනීමට ජනතාව යොමුවී ඇත්තේ මේ අනුව බව සැලකීම වඩා නිවැරදිය. මේ අනුව ස්ත්රියකවී ඉපැදීම පාපකර්ම විපාකයක්ලෙස පිළිගැනීමට නොව ඇදහීමට යොමුවී ඇති සමාජයක වෙසෙන සෙසු ස්ත්රීන් පවා තමන් ඉපදී ඇත්තේද පව්කර්ම විපාකයක්වශයෙන් සලකා හීනමානයෙන් යුතුව කල්යෑවීමට හුරුව තිබීම ඉතා දජනක කරුණකි. මෙබඳු හීනමානයක් ස්ත්රීන් තුළ ඇතිකිරීමෙන් සමාජය බලාපොරොත්තුවී ඇත්තේ ස්ත්රියකට හිමි සමාජයීය අයිතිවාසිකම් නිර්දය ලෙස මර්දනය කිරීමකි. එසේ මර්දනය කොට ඇයව දෙවන පෙළ පුරවැසියකුගේ තත්ත්වයෙන් තබාගෙන පිරිමියාගේ සුවච කීකරු යටත් වැසියෙකු කරගැනීමයි. ස්ත්රීන් කෙතරම් ඇයට සිදුවන බරපතල අසාධාරණකම් පෙන්වාදුන්නද තවමත් මෙලොව පිරිමින්ගේ අධිකාරි අණසක අනුවම ක්රියාකරන බව පැහැදිලිව පෙනේ. මේ අනුව එක්තරා අයුරකින් ස්ත්රීවාදය (Feපසබසිප) පවා ස්ත්රිය හුදකලාකිරීම පිණිස යොදන ලද පිරිමින්ගේ තවත් එක්තරා උප්පරවැට්ටියක්දැයි සැක කළ හැකිය.
මන්ද සැබෑ ප්රශ්නය සාකච්ඡා කිරීමෙන් වැළක්වීම පිණිස හා අවධානය වෙනතක යොමුකරවීම පිණිස ව්යාප්ත වූ ගැටලු ප්රතිනිර්මාණය කරන සමාජයක වර්තමානයේ අප ජීවත්වන බැවිනි. මේ තුළ ස්ත්රියකට ඇති සැබෑ ප්රශ්න සාකච්ඡා කිරීම යටපත් කිරීමේ අරමුණින් ක්රියාත්මක වන දුෂ්ට බලවේගද අප අතර දැනට ක්රියාත්මකවන බව අමතක නොකළ යුතුවේ. මේ දුෂ්ට බලවේග පරාජය කළහැක්කේ කෙරෙහි මනාඅවධානයෙන් පසුවුවහොත් පමණි. හුදෙක්ආකර්ශණාත්මක මතුපිට බාහිර ඔපය කෙරෙහි පමණක් අවධානය යොමුනොකොට පහසුවෙන් හඳුනාගත නොහැකිවූ අභ්යන්තර හරය කෙරෙහිද ප්රමාණවත් අවධානයක්මෙහිදී යොමුකිරීම ඉතාම ඵලදායී වේ. එසේ නම් ස්ත්රිය සැබවින්ම එරෙහිවිය යුත්තේ පුරුෂකේන්ද්රික සාවද් සමාජ ප්රවාද නිර්මාණය කිරීමේ හා ඒවා සමාජගත කිරීමේ යාන්ත්රණයට විරුද්ධ බව පැහැදිලිවේ. මේ අයුරින් නිර්මාණයවූ හා සමාජගත වූ ඉතා විශාල සාවද් මතවාද ප්රමාණයක්දැනුදු මෙරට සමාජය තුළ මුල්බැස ඇත. යමකු ස්ත්රියක වී උපත ලබනුයේ පාපකර්ම විපාක අනුව බව සඳහන්වන සමාජ ආකල්පයද මෙසේ බිහිව මුල්බැසගත් සාවද් මතවාදවලින් එකක්පමණි. මෙහි නිවැරදි ප්රවාදය වනුයේ ස්ත්රී පුරුෂ ජීවවිද්යාත්මක අනන්යතාවක්බවයි. ජීවවිද්යාත්මක අනන්යතාව සකස්වීමට හේතුවූයේ මවගේ හා පියාගේ ජන්මාණුවල අණුක ව්qහයේ හැඩතල මිස පාපය නොවේ. මෙලොව යම්කිසි පාපයක්ඇත්නම් එය ස්ත්රියට පමණක්සීමාවූ පාපයක්විය නොහැක. අනිවාර්යයෙන්ම එබඳු පාපයේ 50% උරුමයක්පිරිමියාටද ඇතිබවද මෙහිදී දැඩි අත්තනෝමතික ලෙස අමතක කරදමා ඇත.
පුරුෂයකුට කළහැකි සෑම රැකියාවක් ස්ත්රියකට කළහැකි වුවද ස්ත්රියකට කළහැකි සෑම රැකියාවක් පිරිමියකුට කළ නොහැකිය. කොතෙක්උත්සාහ ගත්තද ළදරු පාසලක හෝ පහළ බාලාංශ පංතියක ඉගැන්වීම වැනි කාර්යයක්ස්ත්රියක පරිද්දෙන් පිරිමියකුට ඉටුකළ නොහැකිය. ස්ත්රියකට හිමි වී ඇති ජීවවිද්යාත්මක අනන්යතාවයේ හා ඇයට අයත් මාතෘත්වයේ භූමිකාවේ සම්පර්කය එබඳු කාර්යයකදී ඇයට හිමිවන බැවිනි. පුරුෂයා ජීවවිද්යාත්මක අනන්යතාව හා පුරුෂ භූමිකාවේ සම්පර්කය අනුව සකස්වී පවතිනුයේ ආරක්ෂණ කාර්ය ඉටුකිරීමටය. මෙහිදී පුරුෂයාගේ භූමිකාව ස්ත්රියකගේ සම්මතභූමිකාවෙන් වෙනස්වීම හැර ස්ත්රිය පහත්යෑයි නොසැලකේ.
පුරුෂයකු කුමන වැරැද්දක්කළද නාවා ගෙටගත හැකිනම් ස්ත්රියවද එසේ නාවා ගෙට ගතනොහැකි වීමට හේතු තිබිය නොහැකිය. ස්ත්රියකගේ ඔසප්වීම, මාස්ශුද්ධිය පිළිබඳ ජීවවිද්යාත්මක සංසිද්ධිය මිථ්යා මතවාද තුළට බහා එමගින්ද ඇය කොන්කර සැලකීමට සමාජය පුරුදුව සිටීම අවාසනාවකි. ඇය මාස්ශුද්ධියට පත්වීමේදී පිටවන රුධිරය අපිරිසිදු යෑයි පිළිගැනීමක්පවතී. එසේම නිසා සමාජය ස්ත්රියකගේ කාලසීමාව කිළි වශයෙන් සැලකේ. යමෙකු කිල්ලට අසුවීම නිසා පුද්ගලයා අපිරිසිදු විය හැකි බවට ආධ්යාත්මික, සාමයික, සංස්කෘතිකමය ජනප්රවාදගතව පවතී. ස්ත්රියකගේ මාස්ශුද්ධිය සමඟ පිටවන රුධිරයද සාමාන් මනුෂ්යයකුගේ සිරුරගත රුධිරයමය. රුධිරයේ ස්ත්රී පුරුෂ කිසිදු වෙනසක්නැත. ස්ත්රී රුධිරය අපිරිසිදු නම් පුරුෂ රුධිරයද අපිරිසිදු විය යුතුමය. රුධිරය යනු මනුෂ් ශරීරගත එක්තරා ජීවවිද්යා කොටසකි. අනුව ලේ පමණක්නොව මිනිස්සිරුර සැකසී ඇති කෙස්, ලොම්, නිය, දත්, සම, සැරව, පූයා ආදී කුණප කෙටස්32 අපිරිසිදු වේ.
සමාජ සම්මත විවාහ දිවියට එළඹ මුල්වරට දරුවකු පිළිසිඳගත් ස්ත්රිය මෙන්ම බලහත්කාරයෙන් දූෂණය කරනු ලැබීම නිසා ගැබ්ගත් ස්ත්රියද මවකි. නමුදු දෙදෙනාට සමාජය විසින් සලකනු ලබන්නේ සමාන අයුරින් නොවේ. දරුවකු පිළිසිඳගත් විවාහක ස්ත්රියට ආදරයෙන් සලකද්දී දූෂණය කිරීමෙන් ගැබ්ගත් ස්ත්රියකට පව්කාරියකට මෙන් සලකනු ලැබේ. මින් පැහැදිලි වනුයේ ස්ත්රිය පිළිබඳ මෙරට සමාජ ආකල්ප සපුරා වැරදි සහගතබවයි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

Divaina 2011.11.15

3 comments:

  1. මම කියන්නේ ස්ත්‍රියට මේ සමාජයේ මුල් තැන හිමි විය යුතුයි කියලායි

    ReplyDelete
  2. අතීන්රි ය සංජානනය යනු ඉන්රිතොර ය බද්ධ නොවූ සංජානනයයි.ඉන්රිඉත් ය බද්ධ සංජානන බොහෝ විට සාසවධර්ම සමඟ සම්බන්ධය.පරමාර්ථ වශයෙන් සැලකීමේදී ලෝකසම්මත ව්යිවහාරය සමඟ අතීන්රිම ය සංජානනය බොහෝවිට පරස්පරතා පෙන්වයි.ඊට හේතුව ඉන්රි අ ය විෂය ලෝකව්ය්වහාරයට අනුකූලව සකස්ව පවතින බැවිනි.සාමාන්ය්යෙන් ඉන්රිඅ යන්ගෙන් සංජානනයකරන බොහෝ දේවල් ලෝක විෂයට අනුකූලව සකස්ව පවතින පොදු දැනුම් පද්ධතියට අයත්ය.මේ නිසා ලෝකසම්මත දැනුම කෙතරම් ලබාගත්තද ඉන් පරමාර්ථමය අවබෝධයක් ලැබීමේ දුෂ්කරතා ඇතිවීම ස්වභාවික බැව් පෙනී යයි.නමුදු ඇතැම් අවස්ථාවලදී ලෝකසම්මත දැනුම භාවිතා කරමින් ලෝකසම්මතයේ ව්යපවහාර වලින් මිඳී කටයුතු කිරීමට අවශ්ය් අයෙකුට කිසියම් පුහුණුවක් ලැබිය හැකිය.එහිදී එබඳු අයෙකුට ලෝක සම්මත ව්ය්වහාරයෙන් මිඳී කටයුතු කිරීමට අවශ්යැ ප්ර ඥාව ලැබීම සඳහා ව්යමවහාර ලෝකයේ පවතින දැනුම වුවද යම් ප්රෙමාණයක් භාවිතා කිරීමට අවශ්යය වියහැකිය.ලෝක සම්මතය සකස්වීම හා එය සකස්ව පවතින ස්වරූපය අවබෝධ කරගැනීම පසුකලෙකදී ඉන් මිඳීමට අවශ්යය දැනුම ලබාගැනීමට පිටිවහලක් වියහැකි බැවිනි.බුදුදහම දැනුම භාවිතා කර ඇත්තේ මෙහි දක්වා ඇති අදහස අනුවය.එය පැහැදිලිවනුයේ සම්බුදුසසුනේ මුල පර්යාප්ති ශාසනය ලෙස හඳුන්වා ඇති බැවිනි.මෙහි සඳහන් පර්යප්තිය වනාහී හුදකලා ලෝක සම්මත ව්යයවහාර මාත්රැය ඉගෙන ගැනීමක් පමණක් නොවේ.එම ලෝක සම්මතය නිවැරදිව ව්ය තික්ර්මණය කිරීමට අවශ්යි මූලික පුහුණුවද මේ තුළින් ලබාගැනීමට හැකියාව ලැබෙන පරිදි දැනුම ලැබීමේ ක්රරමවේදයක් බුදුදහමේ පර්යාප්තියතුළ දක්වා ඇත.එසේ නොමැතිව හුදෙක් දැනුම පමණක් වනපොත් කිරීමේ ක්රයමවේදයක් බෞද්ධ ක්රැමය තුළ නැත.කාලයාගේ ඇවෑමෙන් සම්බුදු සසුනට වරින් වර එල්ලවූ විවිධ තර්ජන නිසා පර්යාප්තිය නැතිවී යන තැනට වැඩකටයුතු සිදුවෙමින් පැවතින.ස්වභාවික උපද්ර ව මෙන්ම මිනිසාගේ ආක්ර මණ නිසා එල්ලවූ විවිධ තර්ජන නිසා මේතත්වය උදාවී තිබිණ.බුදුදහමේ පර්යාප්තිය හා ප්රතතිවේධය වඩා උසස්කොට සැලකුනු නමුදු උදාවූ වාතාවරණය හමුවේ පර්යාප්තිය විනාශවීමට ඉඩ නොතබා රැක ගැනීමේ වැදගත්කම ඉස්මතුවූ බැවින් අවස්ථානුරූපීව පර්යාප්තියේ වැදගත්කම වඩාත් අවධාරණය විය.මේ හේතුව නිසා ත්රිනපිටක ධර්මය ආරක්ෂා කරගැනීම බෞද්ධ භික්ෂූාන්වහන්සේ විසින් සිදුකළ යුතු පළමු යුතුකම ලෙසට සලකන ලදී.හේ හේතුව නිසා පර්යාප්තිය හා ප්ර්තිපත්තිය වෙනුවට හැකි වෙර යොදා පර්යාප්ති සසුන රැකගැනීමට බෞද්ධ භික්ෂූසන්වහන්සේලාහට සිදුවිය.කාලයක් තිස්සේ එල්ලවූ මේ විවිධ උවදුරු හමුවේ සම්බුදු සසුනේ පර්යාප්ති ධර්මය සිය දිවිහිමියෙන් ආරක්ෂා කර ගැනීමට බෞද්ධ භික්ෂූ න්වහන්සේලාට සිදුවිය.මන්ද ප්රමතිපත්තිය හා ප්රබතිවේධය ආරක්ෂාබවන්නේ එහි මූලික අංගයවූ පර්යාප්තිය ආරක්ෂාවවී තිබුණහොත් යැයි යන අදහසට මෙකල ප්ර්මුඛතාවය හිමිවිය.

    ReplyDelete
  3. ෙම් සමාජ ක්‍රමයතුළ ස්ත්‍රියකට කිසිදු නිදහසක් නැත.ස්ත්‍රිය පුරුෂාධිපත්‍ය මඟින් පහළට දමා පාගා තිබීම අවසාවන්ත වාතාවරණයකි.ස්ත්‍රියකට තිබිය යුතු අයිතිවාසිකම් පිළිබද කිසිදු හඬක් නැත.

    ReplyDelete