Monday, November 14, 2011

කොළඹ මහ රෝහලේ විස බීජ නාශක එන්නතක අපද්‍රව්‍ය

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ රෝගීන් සඳහා භාවිතා කරන ස්ලූකැනසෝල් (Slucanazole) නමැති විස බීජ නාශක එන්නතේ වීදුරු කුඩු වැනි අපද්‍රව්‍යයක් තිබී හමු වූ බවට එහි විශේෂඥ වෛද්‍යවරු චෝදනා කරති. රෝගීන්ගේ රුධිරයේ පුස් වැනි විසබීජ නැසීම සඳහා මේ එන්නත භාවිතා කෙරේ.
රෝගීන් සඳහා ලබාදෙන නික්ෂේපණ හා එන්නත්වල තිබී පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීත් අපද්‍රව්‍ය තිබී හමුවන බවට වෛද්‍යවරු චෝදනා කරති. ඒ අනුව ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි.
මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නම් මේ ගැටලුවට විසඳුමක් ලබා ගත හැකි බව ද එම සංගමයේ උපලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පවසයි.
ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ සඳහන් ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂා කිරීම මේ ප්‍රතිපත්තිය මඟින් සිදු කළ හැකි බවත් ඒ නිසා නොපමාව මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
.
Dinamina 2011.11.14

No comments:

Post a Comment