Sunday, November 6, 2011

වරප්‍රසාද නැතොත් වර්ජනය කරනවා

පරිපූරක වෛද් වෘත්තිකයන්ගෙන් රතුඑළියක්
ඒමන්ති මාරඹේ
රජයේ වෛද්යවරුන් ඇතුළු සෞඛ් ශ්රේණීන් කිහිපයකට ලබාදෙන ඇමතුම්, ඉන්ධන හා දුරකථන දීමනාවන් සිය වෘත්තිකයන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් පරිපූරක වෛද් සේවාවට අයත් වෘත්තීන් පහක්මෙම 15 වැනිදා සිට සියලු රජයේ රෝහල්වල රාත්රි සේවා කටයුතුවලින් ඉවත් වන බව පරිපූරක වෛද් වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

2006
න් පසු සෞඛ් සේවයේ ශ්රේණීන් කිහිපයක්සඳහා පමණක් අසීමිත ලෙස වැඩිකර ඇති ඇතැම් දීමනාවන් පරිපූරක වෛද් සේවාව සඳහා ලබාදිය යුතු බව එම බලමණ්ඩලයේ සභාපති හරේන්ද් කුරුප්පු මහතා පැවැසීය. මෙම තත්ත්වය මත පරිපූරක වෛද් සේවාවට අයත් රජයේ ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, භෞතවේදී චිකිත්සකයන්, වෛද් රසායනාගාර කාර්මික ශිල්පීන් (එම්. එල්. ටී.) හා වෘත්තීය චිකිත්සකයන් යන වෘත්තිකයන් 15 වැනිදා සිට සවස 4 න් පසුව රජයේ රෝහල්වල සිදු කෙරෙන රාත්රි සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇතැයි කුරුප්පු මහතා කීවේය.
අදාළ දීමනාවන් ලබාගැනීම සම්බන්ධව මෙම 11 වැනිදා සෞඛ් අමාත්යාංශ ලේකම්වරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාව මගින් තම ඉල්ලීමට යහපත් ප්රතිචාර නොලැබෙන්නේ නම් 15 වැනිදා සිට රාත්රි සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව හෙතෙම සඳහන් කළේය.

divaina 2011/11/05

No comments:

Post a Comment