Sunday, November 13, 2011

ඖෂධ මිල පාලනයට සාධාරණ වෙළෙඳ කොමිසම එයි

අකිත පෙරේරා
මෙරට පවතින ඖෂධ මිල පාලනය කිරීම සඳහා "සාධාරණ වෙළෙඳ කොමිසම" නැවත ක්රියාත්මක කරන ලෙසද සඳහා මිල සූත්රයක්ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක් මහතා විසින් පාරිභෝගික හා අභ්යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට උපදෙස්දී ඇත.
සාධාරණ වෙළෙඳ කොමිසම 2002 වසරේ සිට අහෝසි කර ඇති අතර හේතුවෙන් මෙරට ඖෂධ මිල ගණන් සීඝ් ලෙස ඉහළ ගොස් තිබේ.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා පිරිවැය, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු යන කාරණා සැලකිල්ලට ගෙන ඊට අදාළ මිල සූත්රය ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස්දී ඇත.
මිල සූත්රය සකස්කිරීම සඳහා බලය පැවරෙන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියටය. එබැවින් ඉහත කාරණා සැලකිල්ලට ගෙන මිල සූත්රය ඉදිරිපත් කරන බව පාරිභෝගික හා අභ්යන්තර වෙළෙඳ කටයුතු අමාත්යංශයේ නිලධාරියකු "දිවයින" පැවැසීය.
 

2011. 11. 13 divaina


No comments:

Post a Comment