Monday, March 5, 2012

ඖෂධ ප්‍රතිපත්තිය වෘත්තීය සමිතිවලට පෙන්නන්නලු

2012 මාර්තු 03 වෙනි සෙනසුරාදා, 17:24
ශ්‍රියාණි විජේසිංහ

සකස්කර ඇති ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත අනුමත කිරීමට පෙර එය වෘත්තීය සමිතිවල සාකච්ඡාවට ලක්කරන ලෙස සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලීමක් කර ඇත. වෘත්තීය සමිතිවල අවධානයට ලක්-නොකර මෙම කෙටුම්පත අනුමත කරන්නේ නම් එය ක්‍රියාත්මක කිරීමට යාමේදී නොයෙකුත් ගැටලු මතුවිය හැකිබව සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේය. අනවශ්‍ය ඖෂධ රට තුළට ගලා ඒම, ඖෂධ වංචාවන් වර්ධනය වීම, මූල්‍ය ප්‍රතිපාදන නාස්තිවීම ආදී ගැටලු ගණනාවක් මතුවිය හැකිබවද හෙතෙම අවධාරණය කර සිටී.

lakbima.lk

No comments:

Post a Comment