Saturday, March 3, 2012

ගාල්ල මහ මෝදර රෝහල් ළදරු දැඩි සත්කාර ඒකකයේ බැක්ටීරියා ආසාදනයක් දෙසතියකදී ළදරුවෝ 6ක් මරුට

ගාල්ල මහ මෝදර ශික්ෂණ රෝහල්ගාල්ල දිසා සමූහ - නන්දසිරි වැලිගමගේ
ගාල්ල, මහමෝදර ශික්ෂණ රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයේ හටගත් බැක්ටීරියා ආසාදනයක් නිසා ගෙවී ගිය සති දෙක තුළ ළදරුවන් හය (6) දෙනකු මියගොස් ඇති අතර ඊයේ (2) වන විට තවත් දරුවන් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවේ.
මෙම සිද්ධියෙන් මියගිය ළදරුවන් අතර පාණදුර කේතුමති රෝහලේ සිට මෙම රෝහලට මාරුකරනු ලැබූ වාද්දුවේ නිවුන් දරුවෝ සිටීම ඉතා ඛේදජනක සිද්ධියක් වී ඇත.අනෙක් ළමයින් අතර ඇල්පිටිය වලහන්දූව ප්‍රදේශයේ සිටින මව්වරුන්ගේ දරුවන් ය. මෙසේ මියගොස් ඇති ළදරුවන්ගෙන් නිවුන් එක් දරුවකු පසුගිය 29 වැනිදා මියගිය අතර ඉතිරි ළදරුවා මිය ගියේ පෙරේදා (1) ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහමෝදර රෝහල් අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා කළ විමසීමකදී ඔහු පවසා සිටියේ ඒකකයට “ක්ලේප් සියෙල්ලා” නැමැති බැක්ටීරියාවක් ආසාදනය වීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය ඇතිවූ බවත්, ළමයිනට එන්නත් ලබාදෙන කුප්පිවල පිටපැත්තේ මෙම බැක්ටීරියාව ඇතැයි විශ්වාස කරන බවත් ය. මෙම තත්ත්වය ඉදිරි පැය කිහිපය ඇතුළත නැතිකිරීමට හැකිවනු ඇතැයි ද හෙතෙම පැවැසීය.

dinamina 2012.03.03

No comments:

Post a Comment