Sunday, April 1, 2012

ගබ්සා නීතිය ලිහිල් කිරීමට සියලු දෙනාම එරෙහි විය යුතුයි - අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

කාන්තාවන්ගේ අයිතිවාසිකම් රැකදීමේ අරමුණින් යෑයි පවසමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන වැඩසටහන ගබ්සා නීතිය ලිහිල් කිරීම සඳහා රජයට කරනු ලබන බලපෑම්වලට එරෙහිව ශ්‍රී ලාංකික සියලුම ජනතාව ජාති, ආගම් භේදයකින් තොරව නැඟී සිටිය යුතු යෑයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඉල්ලා සිටිති.
දරුවන් යනු රටේ අනාගතය බවත්, බටහිර ජාතීන් උත්සාහ ගන්නේ අප වැනි රටවල අනාගතය අඳුරු කිරීමට බවත් සඳහන් කරන කාදිනල්තුමන් දේශපාලනයෙන් මුහුකුරා ගිය දැනුමක්‌ ඇති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධව පූර්ණ අවධානය යොමු කර සාධාරණය ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූහ. බංකොලොත් සංස්‌කෘතියක්‌ ඇති බටහිර ජාතීන්ගේ බොරු කාන්තා විමුක්‌තියට නොරැවටෙන ලෙස තමා සියලුම ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවද අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කළහ.

Divaina 2012.04.01

No comments:

Post a Comment