ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදී නිරෝගීමත් ජාතියක් ගොඩනැගීම අපේ අරමුණයි - ජනාධිපති මහින්ද රාජපක්‌ෂ
දවසේ පැය 24 න් මා වඩාත් සතුටට පත්වන්නේ ව්‍යායාම කරන පැය 1 1/2දීයි
ඇමැති මෛත්‍රීපාල සිරිසේන
අනුර බාලසූරිය
රටේ සෑම ජන කොටසකටම ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදී නීරෝගීමත් ජාතියක් ගොඩනැගීම රජයේ අරමුණ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් "මිහිමෙත් සුවසර" වැඩසටහන යටතේ බෝ නොවන රෝග පිළිබඳ සන්නිවේදන සත්කාරක වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
අරලියගහ මන්දිරියේදී පෙරේදා (4 වැනිදා) පැවැති මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙසේද කීවේය.
ලෝක සෞඛ්‍ය දිනය සමරන්න මටත් අවස්‌ථාවක් ලැබීම ගැන සන්තෝස වෙනවා. අද මේ ඇවිල්ලා ඉන්න සියලුදෙනාම මම ඉතසිතින් පිළිගන්නා අතරම, අරලිය ගහ මන්දිරයේ මෙම උත්සවය පැවැත්වීමට තීන්දු කිරීම ගැන ද මම සතුටු වෙනවා.
මහින්ද චින්තනය මගින් මේ රටේ සෞඛ්‍යය න`ගා සිටුවන්නට කළ දැවැන්ත කැප කිරීම නිසා. අපි නිදහස් සෞඛ්‍ය සේවය ආරක්‌ෂා කිරීමේ වගකීමකට අපි බැඳිලා ඉන්නවා. නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය ඉහළ නැංවීම පිළිබඳව එය කෙරෙහි මා දැඩි විශ්වාසයකින් ඉන්නවා.
යුද්ධයක් තිබුණත්, ලෝක ආර්ථික අවපාතයන්ට මුහුණ දුන්නත්, වාර්ෂිකව රු.මිලියන දස දහස් ගණනක් සෞඛ්‍යය ස`දහා වෙන් කළා. හැම අයවැයකින්ම මුදල් වෙන් කරපු නිසා තමයි අද සෞඛ්‍යය සේවය පිළිබ`දව ආසියාව ගත්තමත්, ලෝකය ගත්තමත් අපි ඉදිරියෙන් ඉන්නෙ. වර්තමානයේ සමාජය මුහුණ දී තිබෙන සෞඛ්‍ය ප්‍රශ්න තේරුම් ගෙන අප්‍රේල් 7 දාට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය මුල් කරගෙන ලෝක සෞඛ්‍යය අපි අපට ගැලපෙන තේමාවක් ගොඩන`ගා ගෙන අද තිබෙනවා.
.පෝෂණය හා බෝ නොවන රෝග, පෝෂණයෙන් ක්‍රියාශීලී බවෙන් පිරි සෞඛ්‍යමත් ජීවිතයක්. මෙවර අපි ගත් තීන්දුව වැදගත් කියලා මම හිතන්නේ. අපි මෙතෙක් කල් කතා කළේ බෝවන රෝග ගැන. මැලේරියාව වැනි රෝග, වසංගත රෝග මර්දනය ගැන මු`ඵ කාලයම සෞඛ්‍ය අංශ නිලධාරීන් වෙහෙසුනා. ඒ කැපවීම මත දැන් වසංගත රෝගවලින් අපේ රට මිදිලා තියෙනවා.
මට ඇමතිතුමා කිව්වා පසුගිය අවුරුදු පහ තුළ අලුතින් පෝලියෝ හැදුනු රෝගියෙකු සොයා ගන්න බැරි වුණා කියලා. අපේ ගමේ ඒ කාලේ තිබුණා. මැලේරියා රෝගය විශාල වශයෙන්. හම්බන්තොට, රත්නපුරය, කෑගල්ල වැනි දිස්‌ත්‍රික්‌කවල. මැලේරියා රෝගය අපි අද පරාජය කරලා තියෙනවා. මෙයට වැය කළ ජාතික ධනය අපට ලංකාවේ ඉතිරි කරගන්න පුලුවන් උනාද? නැහැ. දැන් ධනය වැඩියෙන්ම වැය කරන්නෙ බෝ නොවන රෝගවලට. එයට යන වියදම ඊට වඩා විශාලයි කියලයි මම විශ්වාස කරන්නේ. ඒ රෝගවලින් ජනතාව මුදා ගන්නයි අපිට වෙලා තියෙන්නේ.
දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා වේවා ඒ රෝග අපේ සමාජය රෝගියෙකු බවට පත් කරන තත්ත්වයක් අද උද්ගතව තියෙනවා. ඉස්‌සර නම් අපි කතා කරන කොට දියවැඩියාව තියෙන එක්‌කෙනෙක් හමු වුණත් එහෙම නැතිනම් අධික රුධිර පීඩනය ඇති කෙනෙක් හමු උනොත් ඒ කොළඹ කෙනෙක් වෙන්නැති කියලා කියනවා. ඔවුන් සමාජෙ කාලා බීලා ගෙදර ගිහින් නිදා ගන්න එක තමයි කරන්නෙ. ඒ හැර වැඩිදෙයක් කරන්නේ නැහැයි කියලා කියනවා. නමුත් අපි හිතන් හිටියේ එහෙමයි. නමුත් දැන් බැලුqවහම ගම් මට්‌ටමේ අයටත් මේ රෝග තියෙනවා. මේ තත්ත්වය බරපතළ විදියට තියෙනවා.
පසුගිය දවසක අපේ ගම් පළාතේ ඉඳලා අරලියගහ මන්දිරය බලන්න ආපු දරුවන්ගෙන් ගම කොහේද කියල ඇහුවම එක දුවක් කිව්වේ ගම කදුරුපොකුණ කියලයි. මේ ඉස්‌කෝලේ ඉඳලා පේන දුරක්. මම ඒ දුවෙකුගෙන් ඉස්‌කෝලෙ එන්නේ පයින් ද? ඇහුවම නැහැ වෑන් එකෙන් කිව්වා. ඉස්‌සර බස් එකට න`ගින්න පයින් ආපු දුර යන්නේ නෑ. අද ගෙදර ඉඳලම කාර් එකේ නැ`ගලා, වෑන් එකේ නැ`ගලා යනවා. ටිකක් හරි බස් එකට යන්න තිබුණ දුර පයින් යන එක කෙරෙන්නේ නැහැ.
අපිට එදා බස් එකට දුන් සල්ලි ටික සාක්‌කුවේ දාගෙන පයින් ඇවිල්ලා ඒකෙන් මොනවා හරි කාලා යනවා. අපිත් එක කාලයක් එහෙම කළා. මේක තමයි වෙනස.
අපි වසංගත වැනි රෝගවලින් ජයගත්තා වගේම, බෝ නොවන රෝගවලිනුත් ජයගත යුතුයි. ජනතාව ආරක්‌ෂා කරගන්න කාර්යය අපි දැන් පටන් අරගන්නවා. අතීතයේ මුතුන් මිත්තෝ ගත කළ සම්ප්‍රදායික ජීවන රටාව ගැන අපි හිතන්න ඕනේ. එදා අපේ ඇත්තෝ කිව්වේ අඩහ කෑම දහසක් වටී. ඇවිද්ද පය දහස් වටී. අද තියෙන සෞඛ්‍ය ගැටලුවලටත් මෙය ගැලපෙනවා.
අඩහ කෑම යනු බාගයක් කෑම නොවෙයි. පමණට ආහාර ගන්න. ධම්ම පදයෙත් කියලා තියෙනවනේ. රස මුසු කෑමට ගිජු වීමේ ආදීනව. මේ ගැන බුදුරජාණන් වහන්සේත් විශාල වශයෙන් දේශනා කරලා තියෙනවා. අපේ බාල පරම්පරාවට අද මොනවද කන්න දෙන්නේ. ක්‌ෂණික කෑම දෙනවා, එහෙම නැතිනම් අම්මා, තාත්තා ගිහිල්ලා කෑම වේලට යමක් ගෙනත් දෙනවා. දෙමව්පියෝ නොදැනුවත්වම තමන්ගේ දරුවාට කරන විශාල විපතක් වශයෙනුයි මම එය දකින්නේ. අපි විදේශවලින් ගේන ආහාරවලට ජාතික ධනය වියදම් කරන්න විතරක් නොවෙයි වියදම් කරන්නෙ බලනකොට. විශාල සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීලා අපිට ඒ ස`දහාත් වියදම් කරන්න සිදු වෙලා තියෙනවා.
මේ නිසා තමයි අපි දිවි නැගුම වගේ වැඩපිළිවෙළවල් දියත් කළේ. ගෙවත්තේ එළව`ඵ ටිකක් පලතුරු ටිකක් වවා ගන්න දිරි දුන්නෙ. නිරෝගී වෙනවා වගේම, නිවහල් මිනිසෙකු බවට පත් කරන්නත් අපි බලාපොරොත්තු වුණා. සමබර ආහාර වේලක් ගැනීමේ වැදගත්කම මේ කථිකයෝ හැමෝම කිව්වා. මොළය වැඩෙන හැටිත් කිව්වා.
අපේ අමාත්‍ය මණ්‌ඩලයත්, හු`ගාක් දෙනෙක් දැන් ශාරීරික ව්‍යායාමයන්වල යෙදෙනවා. මේක ජාතික අවශ්‍යතාවයක් බවට පත්වෙලා. ජනතාව ඒ පිළිබ`දව විශේෂ උනන්දුවක් දක්‌වනවා. දියවැඩියාව සියයට පනහකින් ඉහළ යනවලු. අද තියෙන ගානටත් වඩා. මේවාට අපිට නීති පනවන්න පුලුවන්කමක් නැහැ. මේ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ හැකි කාර්යයන් වේගවත් කළ යුතුයි. මේ සඳහා ජනතාවගේ කැපවීමත් තිබිය යුතුයි.
ශරීර සුවතා මංතීරු දැන් ඇති කරගෙන යනවා දැන් හැම නගරයකම. ගම්වලත් හැදෙනවා. ගම්පහ, කොළඹ පාර්ලිමේන්තුව පැත්තට ගියාම අපේ ජනතාව මොනතරම් උනන්දුවක් ඒ සඳහා දක්‌වනවා ද කියලා පේනවා. මේ ස්‌ථානවලට ඇවිදීමට පැමිණ කල්පනා කරන කොට. තමයි අපිට දැනෙන්නෙ ඇවිද්ද පය දහස් වටී කියලා කියන කියමන සනාථ වෙනවාද කියලා.
ජනමාධ්‍යයෙනුත් මෙහි වැදගත්කම පෙන්වන්න ඕනේ. මේවාට පහර ගහන එක නොවෙයි. සමහර පුවත්පත්වල ඒ දවස්‌වල ඇවිදින කොට ටොරින්ටන් එකේ එක් එක්‌කෙනාගේ පින්තූර අරගෙන පහර ගහලා තිබුණා. වැඩියෙන් කාලා දිරවගන්න බැරිව ඇවිදිනවා කියලා. ජනමාධ්‍යයත් ඇවිදින අය දිහා බැලුවේ වෙනත් ආකාරයකින්. ඒ නිසා මේවා ගැන තවත් ජනතාව උනන්දු කළ යුතුයි.
දරුවා පොත පතට පමණක් සීමා කරන්න එපා. ක්‍රීඩාවලටත් දරුවා උනන්දු කරවන්න. අම්මා තාත්තා දරුවෝ උනන්දු කළොත් පමණයි දරුවා වඩාත් මේ ක්‍රීඩාවලට යොමු වන්නේ. ජය පරාජය භුක්‌ති විඳින්න, හො`ද සෞඛ්‍යයක් ඇති කර ගන්න. ඒවායින් ශක්‌තිමත් ජනතාවක් ගොඩනැෙ`ගනවා. නිරෝගීමත් දරුවෝ බිහි වෙනවා. මේවා තමයි අද සමාජයට අවශ්‍ය වන්නේ. ක්‍රීඩාංගන හා ඒවාට අවශ්‍ය පහසුකම් සියල්ලම මේ ස`දහා ලබා දෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අද කරන මේ වැඩපිළිවෙළ අපි සැමටම ප්‍රයෝජනවත්.
දරුවා ඉපදුන දවසේ සිටම ආහාර ගන්නා ක්‍රමය සතුටින් සිටීම මේවා සියල්ලම දරුවෙකුගේ වැඩීමට උපයෝගී වෙනවා. ඒ ස`දහා අවශ්‍ය පහසුකම් හා දැනුම දෙමව්පියන්ගේ සිටම ඉහළට පහළට දරුවෝ දක්‌වා ගෙන යා යුතුයි. අද නායකත්වය දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, විතරක් නොවෙයි අනෙකුත් අමාත්‍යාංශය උනන්දු වෙනවා. එළවලු පලතුරු ගැන කථා කරනවා, පලතුරු කන්න, ඒ ස`දහා පලතුරු වැවීමට උනන්දු කරවන්න. අඩු මුදලට ජනතාවගේ මේසයට ගේන්න පු`ඵවන් මට්‌ටමට අපි පුරුදු කළ යුතුයි.
මේ හැම අමාත්‍යාංශයක් හරහාම ඒ ස`දහා කටයුතු කරන්නට පියවර ගන්න සූදානම්. දෙමාපියන් තම දරුවන් පිළිබදවත්, ඒ වගේම වැඩිහිටියන් දරුවන්ට ආදර්ශයක් වන්ටත්, නායකත්වය දරුවන්ට ආදර්ශයක් වීමටත්, කටයුතු කරන්ට පුලුවන්කම ලැබෙන්ට ඕනේ. ඒ නිසා ආහාර වේල පිළිබ`දව විශේෂ අවධානයක් යොමු කරලා මේ ක්‌ෂණික ආහාරවලින් මිදිලා රට ගැන අවබෝධ කර ගෙන දේශීය ආහාරත් එක්‌ක වඩා හොඳ සමබර ආහාර වේලක් අරගෙන දරුවන්ට ලබා දෙන වැඩපිළිවෙළට අපි යැමට සූදානම් විය යුතුයි.
මේ කටයුත්තට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වීම ගැන ඇත්ත වශයෙන්ම එම අමාත්‍යාංශයට ස්‌තුතිවන්ත වෙනවා. මේ රටේ සෑම ජන කොටසකටම ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දෙන්නට අද වැනි දිනක අපි සූදානම් වෙමු කියලා ආරාධනා කරමින් ඔබ සියලු දෙනාටම නිරෝගිමත් ජාතියක් ගොඩනගන්නට ශක්‌තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා.
රටක සංවර්ධනයේ ප්‍රධාන සාධකය වන්නේ රටේ ජනතාවගේ නිරෝගී භාවයයි. ජනතාවගේ නිරෝගී භාවය වෙනුවෙන් සෞඛ්‍ය අංශ විසින් පුළුල් කාර්යභාරයක් මේ කාලය තුළ ඉටුකරනු ලැබුවා.
අප්‍රේල් 7 වැනිදාට යෙදී තිබෙන ලෝක සෞඛ්‍ය දිනය මුල්කරගෙන අද දවසේ මේ කටයුත්ත ආරම්භ වන්නේ. ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන මෙම වැඩසටහන දීපව්‍යාප්තව කෙරෙන ජාතික මට්‌ටමේ වැඩසටහනක්. මෙය පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක්.
ඇමරිකාවේ නිව්යොර්ක් නුවර එක්‌සත් ජාතීන්ගේ සමුළුවේදී ප්‍රධාන තේමාව බවට පත්ව තිබුණේ බෝනොවන රෝග වළක්‌වා ගැනීම පිළිබඳවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ මගපෙන්වීම තුළ අප ගෙනගිය බෝ නොවන රෝග නිවාරණ වැඩසටහන නගරයක් ගමක් පාසා දීප ව්‍යාප්ත මට්‌ටමින් ජනතාව පාසල් දරුවන් දැනුවත් කිරීම ඇරඹෙනවා.
ව්‍යායාම නොමැතිකම වැරදි ආහාර පරිභෝජනය. ජීවන රටාව බෝ නොවන රෝගවලට හේතුවී තිබෙනවා. මම දවසේ පැය 24 න් වඩාත් සතුටුවන්නේ මා ශාරීරික ව්‍යායාමයේ යෙදෙන පැය එකහමාරක කාලයයි.
එදා පොළොන්නරුවේ ගමේ පාසලට අපි පයින් ගියේ. දෙපයට සෙරෙප්පුවක්‌වත් නෑ. අපි පාසල් ගියේ උදේට පොල්සම්බෝලයි බතුයි කාලා. අදත් මම උදේට කන්නේ එහෙමයි. සමහරු මගෙන් අහනවා ඇමැතිතුමා මොනවද කන්නේ කියලා.
බෝ නොවන රෝග පිළිබඳව ජනතාව, පාසල් දරුවන් දැනුවත් කෙරෙන පෝස්‌ටර් පත්‍රිකා ආදිය ජනාධිපතිවරයා අතින් විදුහල්පතිවරුන්ට පළාත් සෞඛ්‍ය නිලධාරීන්ට ලබාදුන් අතර, ඒ සම්බන්ධව විශේෂ සී. ඩී. පටයක් සෞඛ්‍ය ඇමැතිවරයා අතින් ජනාධිපතිවරයාට පිළිගැන්වුණි.
Divaina 2012.04 06
No comments:
Post a Comment