Wednesday, April 4, 2012

ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම- සෞඛ්‍ය අමාත්‍යාංශ වැඩපිළිවෙළ පළාත් සභා 8ක් ප්‍රතික්ෂේප කරයි

* කැමැති සබරගමුව විතරයි
* රජය රු. මිලියන 34ක් වෙන් කරලා

සන්ධ්‍යා කරුණාරත්න

ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ වැඩපිළිවෙළ සබරගමුව හැර ඉතිරි පළාත් සභා අටම ප්‍රතික්ෂේප කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ පාසල් දරුවන්ට නිවැරදි අධ්‍යාපනයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ මේ වැඩපිළිවෙළට රජය රුපියල් මිලියන 34 ක මුදලක් වෙන් කර තිබේ. ප්‍රජනක සෞඛ්‍යය මඟින් සිදු කරන්නේ ලිංගික අධ්‍යාපනයක් ලබාදීම කියා වරදවා තේරුම් ගැනීම නිසා මේ වැඩපිළිවෙළ පළාත් සභා මඟින් ප්‍රතික්ෂේප කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති අධිනීතිඥ ලලිත් දිසානායක මහතා පවසයි.

පාසල් දරුවන් තරුණ වියේදි විවිධ ශාරීරික වෙනස්වීම්වලට ලක්වන අතර ඒවා රෝගයන් යැයි සිතා වැරදි අවබෝධයක් ලබාගන්නේ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ නිවැරදි දැනුමක් නොමැතිකම නිසා බව ද ඒ පිළිබඳ මූලික දැනුමක් ලබාදීම මඟින් දරුවන් යහ මඟට යොමු කර ගත හැකි බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
පාසල් දරුවන් බොහෝ ප්‍රමාණයක් විවිධ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වන බවත් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳව ළමයින්ගේ නොදැනුවත්භාවය වෙනුවට දැනුවත්භාවයක් ලබාදීම සිදු කළ යුතු බවත් ඇමැතිවරයා පැවැසුවේය.

ඒ අරමුණ මුල් කර ගනිමින් රජය රුපියල් මිලියන 34 ක් වැනි විශාල මුදලක් මේ වැඩපිළිවෙළ සඳහා වෙන් කර ඇති බව ද මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉඩනොදීම ජාතික අපරාධයක් බව ද ඇමැතිවරයා කීය.
ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ සෑම පළාතකම අධ්‍යාපනය හදාරන පාසල් සිසුන්ට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

Dinamina 2012.04.03

No comments:

Post a Comment