Sunday, April 8, 2012

අවුරුදු සමයේ බත් අනුභවය සීමා කරන්න - සෞඛ්‍ය අමාත්‍යාංශය

2012 අප්‍රේල් 06 වෙනි සිකුරාදා, 11:30


එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ රස කැවිලි වැඩිපුර ආහාරයට ගන්නා බැවින් බත් අනුභව කරන ප්‍රමාණය අවම කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසයි.

රස කැවිලි වැඩි වශයෙන් ආහාරයට ගන්නා අතුර බත් ප්‍රමාණය ද වෙනදා මෙන් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පූර්ව අවස්ථාවේ පසුවන පුද්ගලයින් දියවැඩියා රෝගයට ගොදුරු වීමේ බරපතල අවදානමක් පවතින බව ඇය සඳහන් කරයි.
පැණි රස හා තෙල් අධිකව ආහාරයට ගන්නා අවුරුදු සමයේ දී හැකිතාක් පයින් ගමන් බිමන් යාම සහ අවුරුදු ක්‍රීඩාවල නියැලීම යනාදී කටයුතු කරන්නේ නම් ශරීරයේ අධික මේදය දහනය කර ගැනීමට හැකිවනු ඇතැයි වෛද්‍යවරිය පවසයි.
බෝනොවන රෝගවලින් වැළකීමට හැකිතාක් කය වෙහෙසා කටයුතු කළ යුතු යැයි ද ඇය පෙන්වා දෙන්නීය.

asianmirror.com

No comments:

Post a Comment