Friday, April 6, 2012

උඩරට වතු ආශ්‍රිතව පිළිකා රෝගය පැතිරේ

ගම්පොළ - සුරංග දිල්හාන්

උඩරට ප්‍රදේශයේ වතු ආශ්‍රිතව හා ගම්මාන ප්‍රදේශවල පිළිකා රෝගය බහුල ලෙස පැතිර ගොස්‌ ඇති බව නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ උපදේශක ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ ඩබ්. පී. ජයවික්‍රම මහතා පැවැසීය.

මෙම ප්‍රදේශවල බහුල ලෙස සැළකිය හැකි පිළිකාවක්‌ ලෙස ගලනාලය හා ආමාශගත පිළිකා වැඩි බව හඳුනාගෙන ඇති බවත් මේ සඳහා මිනිසුන්ගේ අවිධිමත් ක්‍රියා හේතු වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට පමණක්‌ මෙවැනි රෝගීන් මසකට 20 ක්‌ පමණ ප්‍රතිකාර සඳහා පැමිණෙන බවද පසුගිය වසර කීපය තුළ මෙහි වර්ධනයක්‌ ඇති බවද වෛද්‍යවරයා සඳහන් කරයි.

පිළිකා රෝගයට හේතුවන බුලත්විට කෑම, බීඩි, සිගරට්‌ හා සුරුට්‌ටු බීම මෙන්ම මත්පැන් පානයද වතු ප්‍රදේශවල කම්කරු ජනයා බහුල ලෙස සිදු කිරීම මෙම පිළිකා තත්ත්වය වර්ධනය වීමට හේතු වී තිබෙන බව පෙන්වා දෙන ජයවික්‍රම මහතා පිළිකාවට බලපාන ප්‍රධාන හේතුව වන අඩු පෝෂණ තත්ත්වය ද මෙයට හේතුවක්‌ වී ඇතැයි පවසයි.

Divaina 2012.04 06

No comments:

Post a Comment