Sunday, April 8, 2012

රෝගීන් ගසාකෑම දැන්වත් නවතන්න

ඇතැම් වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සේවාවේ නියුතු ඇතැමුන් පෞද්ගලික ලාබ ප්‍රයෝජන තකා රෝගීන් ගසාකෑම දැන්වත් නතර කළ යුතු යැයි මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා කියයි.

ලංකාවේ සෙසු වෘත්තීන් අතරින් සෞඛ්‍ය වෘත්තිය ශ්‍රේෂ්ඨතම වෘත්තියක් යැයි කී මහාචාර්යවරයා එය මුදලට පාවා දෙන තත්ත්වයකට පත් නොකළ යුතු යැයි ද කීය.

වෛද්‍ය සමරසිංහ මහතා ඒ කරුණු පවසා සිටියේ ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැති බෝ නොවන රෝග හා පෝෂණය පිළිබඳ ‘මිහිමෙත් සුවසර’ ජාතික සෞඛ්‍ය වැඩසටහන ආරම්භ කරමිනි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය.

Silumina 2012.04.08

No comments:

Post a Comment