Friday, April 6, 2012

බෝ නොවන රෝග සුව කිරීමේ වැඩි හැකියාව දේශීය වෙදකම සතුයි

ප්‍රභාත් විතාන

බෝ නොවන රෝග සුව කිරීමේ හැකියාව අතින් දේශීය වෙදකමට සුවිශේෂ ස්‌ථානයක්‌ හිමිවන බව දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා පැවසීය.

විශේෂයෙන්ම දියවැඩියාව, හෘද රෝග, පිළිකා වැනි බෝ නොවන රෝග සුව කිරීමේ වැඩිම සම්භාවිතාවක්‌ දේශීය වෙදකම වෙත හිමිවන බවත් දිසානායක මහතා කියා සිටියේය.

බයිපාස්‌ නොකර ඒ සඳහා මාස එකහමාරක්‌ වැනි කාලයක්‌ ප්‍රතිකාර කර ශරීරයේ නහරවල තිබෙන අනවශ්‍ය දේ ඉවත් කළ හැකි, වම් ඇසේ රෝගය තිබෙන රෝගියකුගේ දකුණු කකුලේ මාපට ඇඟිල්ලට බෙහෙත් බැඳ ඇසේ රෝගය සුව කළ හැකි වෛද්‍යවරු තම අමාත්‍යාංශය යටතේ සිටින බවත් ඇමැතිවරයා කියා සිටියේය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේය පෙරේදා (04 වැනිදා) බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ මිහිලක මැදුරේ පැවති උත්සවයකදීය.

Divaina 2012.04 06

No comments:

Post a Comment