Monday, April 2, 2012

පාසල්වලට ප්‍රජනන සෞඛ්‍ය පාඩම එපා

2012 අප්‍රේල් 03 වෙනි අඟහරුවාදා, 03:39

ශ්‍රියානි විජේසිංහ

• පළාත් අටක් ප්‍රතික්‍ෂේප කරයි
• සබරගමු පළාත පමණක් එකඟයි

පාසල් ළමුන්ට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුම්වත්භාවයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කළ වැඩසටහන පළාත් 8ක්ම ප්‍රතික්‍ෂේප කර ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා සඳහන් කර සිටී. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාවය පළකර ඇත්තේ සබරගමු පළාත් සභාව පමණක් බවද ඇමැතිවරයා අවධාරණය කර සිටී. දැනට සමාජය තුළ ළමා දූෂණයන් සිදුවීම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතරම සමාජ රෝගද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින් ඒවා වළක්වා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත් බවද දිසානායක මහතා සඳහන් කර සිටී. මෙම අධ්‍යාපන වැඩසටහන සඳහා රුපියල් දස ලක්ෂ 34ක මුදලක්ද මේ වන විටත් වෙන්කර ඇති අතර, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මේ සඳහා දායකත්වය ලබාදේ. ප්‍රජනන සෞඛ්‍ය යනු ලිංගික අධ්‍යාපනය නොවන බවද ඇමැතිවරයා අවධාරණය කර සිටී. ලිංගික අධ්‍යාපනය පාසල් ළමුන්ට අවශ්‍ය නොවන බව එම පළාත්වල අදහස වී තිබේ.

මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති සුනිල් අමරතුංග මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීය. මේ ප්‍රකාශය සම්පූර්ණ බොරුවක්. එහෙම සිදුවීමක් ගැන මම දන්නෙ නැහැ. මධ්‍යම පළාතෙ පාසල් දරුවන් සම්බන්ධ කරගෙන වැඩ සටහන් කරගෙන යන මෙවන් අවස්ථාවක මේ වාගෙ අසත්‍ය ප්‍රචාර ගෙනයන්නෙ කවුද? පාසල් දරුවන්ගේ අධ්‍යාපන දැනුම සඳහා කෙරෙන ඕනෑම වැඩසටහනකට මම පූර්ණ සහාය දෙනවා.

lakbima.lk

No comments:

Post a Comment