Wednesday, April 4, 2012

ප්‍රජනන සෞඛ්‍ය ප්‍රශ්නයෙන් බස්නාහිර රත්වෙයි

2012 අප්‍රේල් 04 වෙනි බදාදා, 03:03
අජිත් පුෂ්ප කුමාර
‘සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ආරම්භ කළ පාසල් ළමුන්ට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාව වැඩසටහන පළාත් සභා අටක් ප්‍රතික්‍ෂේප කළා කියලා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා (ලක්බිම පුවත්පතට) ප්‍රකාශයක් කරලා තියනවා. බස්නාහිර පළාත් සභාවත් ප්‍රතික්‍ෂේප කර තියනවා. පසුගිය කා‍ලේ පරිවාස ළමා නිවාසවල අපචාර ක්‍රියා සිදුවුණා. එහෙම තියෙද්දීත් අපේ පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාත් එපා කිව්වද කියලා සභාවට කියන්න යැයි ඊයේ (3) පැවැති බස්නාහිර පළාත් සභා රැස්වීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යූ. ජෝර්ජ් පෙරේරා (එ.ජා.ප.) මහතා විසින් අසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිවිය. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඇතුළත් ‘ලක්බිම’ පුවත්පත යූ. ජෝර්ජ් පෙරේරා (එ.ජා.ප.) මහතා විසින් සභාගත කරන ලදී.

බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප්‍රධානයෙන් සභා රැස්වීම බත්තරමුල්ල සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

යූ. ජෝර්ජ් පෙරේරා (එ.ජා.ප.) මහතා -
අපි සියලුම දේවල් කරන්නේ දරුවන් වෙනුවෙන්. දරුවන්ට මේ සම්බන්ධව හරියට දැනීමක් නොලැබෙන නිසා විවිධ සමාජ අපචාර ක්‍රියාවන්ට ගොදුරු වෙන්නේ. බස්නාහිර පළාත් සෞඛ්‍ය හා පරිවාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් පාලනය වන මාකොළ හා කඩවත රන්මුතුගල ළමා නිවාස වල පසුගිය කා‍ලේ ප්‍රශ්න රැසක්ම ඇතිවුණා. එහෙම තියෙද්දීත් මෙවැනි දෙයක් වීම සම්බන්ධව පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිතුරක් ලබාදෙන්න.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා -
මාධ්‍යවල තිබෙන දේ පරම සත්‍යම නෙමේ.
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන හා කාන්තා කටයුතු, පරිවාස හා ළමා රක්ෂක සේවා සහ සභා කටයුතු අමාත්‍ය ජගත්
අංගගේ මහතා -
මේ කතාව අමූලික බොරුවක්. සභාවේ රීතීන්ට අනුව මෙයට පිළිතුරු දෙන්නේ නැහැ. මම කිසිම ප්‍රකාශයක් කළේ නැහැ. කිසිම දෙයකට එකඟ වුණේ නැහැ.

lakbima.lk

No comments:

Post a Comment