Wednesday, April 4, 2012

ගබ්සාව නීතිගත කිරීම යුගයේ අවශ්‍යතාවක්‌ද?

රැව් පිළි රැව්
සමාජ හෘද සාක්‍ෂියට කෙරෙන ඇමතුම
ගබ්සාව නීතිගත කිරීම යුගයේ අවශ්‍යතාවක්‌ද?



මිනිසා විශ්වයේ අසිරිමත් නිමවුම හැටියට සැලකිය හැකිය. අනිකුත් සත්ව වර්ගයන් අතරින් මානව වර්ගයා අද්විතීය වීමට හේතු සාධක කිහිපයකි. චින්තන ශක්‌තීන් තුළින් ජීවිත අභියෝගවලට මුහුණදීම, සෞඛ්‍ය සම්පන්න පැවත්මක්‌ සඳහා යොමුවීම පරම්පරාවේ සංවර්ධනය සඳහා ඇති කැපවීම සහ මානව වර්ගයාගේම යහපත සඳහා සමාජ සාරධර්මයන් තුළ ජීවත්වීම වැනි සාධක එ සඳහා පෙන්වා දිය හැක.

අනෙකුත් සත්ව වර්ගයන්ට වඩා මානවයාගේ සුවිශේෂී බව ර¹ පවතින එක්‌ වැදගත් සාධකයක්‌ වන්නේ ලිංගිකමය සබඳතා වලදී පවතින සමාජ හා සංස්‌කෘතික අගයන්ය. පියා, දියණිය, සහෝදර සහෝදරියන්, මාමා, සීයා, බාප්පා සහ දියණිවරුන් වැනි කිට්‌ටු ලේ ඥතීන් අතර ලිංගික සබඳතා මානව ධර්මයන්ට අනුමත නොවේ.

කවදා හෝ දෙමාපියන් විසින් විවාහයක්‌ කර දෙන තුරු සිට ලිංගික ජීවිතය ගත කිරීම හෙළයාගේ, සිංහලයාගේ පුරුද්දය. එAත් විවාහ ජීවිතය තුළ ලිංගිකත්වය ගුප්තය. සිය ළමුන් ඉදිරියේදී බිරිඳගේ ස්‌වාමියාගේ නම කියා ආමන්ත්‍රණයට පසුබට විය. සිය දරුවන් උස්‌ මහත් වෙද්දී ලිංගික ජීවිතයට සමුදී ආගමානුකූලව සිය ජීවිතය හැඩ ගස්‌සවා ගැනීමට අතීතයේ මෙරට සිටි ගැමියා හුරුපුරුදු විය. නගරයේ සිදුවන දැ විලිසංගේ නැති එවුන්ගේ වැඩ ලෙස හැඳින්වීමට එදා ගැමියා පෙළඹුනේ සිය අනාගත පරපුර රැකගැනීමේ අරමුණෙනි.

නිල් පත්තර, නිල් චිත්‍රපටවලින් ඇරැඹි යුගය අද වන විට අධිවේගී අන්තර්ජාල සබඳතා, කැමරා දුරකථන, එµa.එම්. නාලිකා මගින් ගැමියාත්, ගැමිකමත් ගමෙන් වේගයෙන් දුරස්‌ කරවන්නට දායක විය.

මේ තත්ත්වයන් හේතුවෙන් විකෘති මනස්‌ සහිත මිනිස්‌ සත්තු බිහිවන්නට විය. කටේ කිරි සුවඳවත් නොගිය අවුරුදු 13-14 දැරිවියන්ට අද අවශ්‍යව ඇත්තේ අඩුම තරමේ පෙම්වතෙක්‌ සොයා ගැනීම නොව පිරිමි ශරීරයකින් සුවයක්‌ විඳින්නටය.

කට පුරා දුවේ පුතේ කියූ වැඩිහිටි පරපුර අද ස්‌ත්‍රී පරාණයක්‌ දකිනුයේ තම ගත සනහා ගත හැකි වස්‌තුවක්‌ ලෙසය. රාගයෙන් ඇස්‌ අන්ධ වූ පසු මේ තමන්ගේ ළමයා, නැතිනම් දරුවෙක්‌ යෑයි නොසිතා ක්‍රියා කිරීම කෙතරම් කනගාටුදායක ද? අනාගත පරපුරට මග පෙන්විය යුතු වැඩිහිටි පරපුරේ ක්‍රියා කලාපයන් ද ප්‍රශ්නකාරීය. කාන්තාවන් මෙන්ම පිරිමින්ගේත් එකම අරමුණ ලිංගික තෘප්තිය ලැබීම පමණි. එහෙත් මේ කිසිවකුට සිය ජීවිත වගකීම් සහිතව හසුරුවා ගැනීමට දැනුම, කුසලතා ආකල්ප නැත. එAකත් එතරම් පුදුමවන්නට තරම් කාරණයක්‌ නොවන්නේ තවමත් අප රට තුළ ප්‍රජනක සෞඛ්‍යය තහනම් මාතෘකාවක්‌ වන හෙයිනි. 1997 වර්ෂයේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ හඳුන්වාදීමත් සමග ප්‍රජනක සෞඛ්‍ය ඉගැන්වීමට දැඩි වෙහෙසක්‌ ගැනිණි.

ජාතික අධ්‍යාපන ආයතනයේ "යෞවන ප්‍රජනක සෞඛ්‍ය අධ්‍යාපන එAකකය නමින් අංශයක්‌ ස්‌ථාපිත කෙරිණි. මේ එAකකයේ වැඩ කටයුතු සඳහා එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙන් අනුග්‍රහකත්වය සැපයුනේ කිසිදු ලෝභකමකින් තොරවය. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හා මේ කටයුත්තට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහයෝගය හිමි වූයේ නොමසුරුවය. "උදාවූ යෞවනය" වැනි පෙළ පොත් රචනා කිරීමටත් විෂයානුබද්ධ කරුණු කැළඹිලි සහගත තත්ත්වයක්‌ උද්ගත නොවී ලබාදෙන්නේ කෙසේදැයි උපදෙස්‌ ලැබිණි.

මෙපමණ වෙහෙස මහන්සි වී විශාල මුදලක්‌ වැයකොට සැකසූ ප්‍රජනක සෞඛ්‍ය වැඩසටහන ක්‍රියාත්මක නොවී හමස්‌ පෙට්‌ටියට වැටිණි.

මේ සඳහා දැඩි ලෙසම බලපෑවේ ගුරුවරුන්ගේ බලපෑමයි. ඔවුන් ඉගෙනගත් සමයේ ලිංගිකත්වය කුණුහරුපයකි. එහි ඉගෙන ගන්නට දෙයක්‌ නොමැති නොහොබිනා දෙයක්‌ වශයෙනි. ඔවුන් අද ලෝකය බලන්නේත් එලෙසිනි. එA හෙයින් පාසල් තුළ ප්‍රජනක සෞඛ්‍ය ඉගැන්වීමට තිත තැබිණි.

ඔවුන් එලෙස තමන් ඉගෙනගත් ලෝකය තුළ කොටු වුණ ද නව යෞවන වයසේ සිටින තරුණ තරුණියන් වේගයෙන් ඉදිරියට යයි. මා කලින් සඳහන් කළ මෙවලම්වලින් සන්නද්ධව සිටින ඔවුහු පැරැණි ගති සිරිත් ආකල්ප, මතවාද අලුයම ලූ කෙළ පිඬක්‌ මෙන් ඉවත දමති.

ආණ්‌ඩුවත් පනින රිළවුන්ට ඉනිමං තනන්නා සේ ගබ්සාව නීත්‍යනුකූල කිරීමට මූලික පිඹුරුපත් සකසමින් සිටී. ජිනීවා නාඩගමෙන් සියල්ල වැසී ගොස්‌ තිබේ. නමුත් ගබ්සාව නීතිගත කිරීමට ආණ්‌ඩුවට කළ යුතු, කළ හැකි වැඩ රාශියකි.

මෙම ලිපිය ආරම්භයේදීම සඳහන් කළ ආකාරයට පාසල් තුළ ප්‍රජනක සෞඛ්‍යය ඉගැන්වීම වඩාත් යහපත් පියවරකි. එමගින් වගකීම් විරහිතව හැසිරීම් රටාව සම්පූර්ණයෙන්ම වාගේ වළක්‌වාගත හැක. අතවරයක්‌, දූෂණයක්‌ සිදු වන්නට යැමේදී මේ වෙන්න යන්නේ කුමක්‌ද? එයින් ඇතිවන ප්‍රතිඵලය කුමක්‌ද යන්න සිසු සිසුවියන්ට අවබෝධ වේ. එමගින් වැළැකීමට උත්සාහ ගනී. එහෙත් ගුරුවරුන් එක්‌ක මොන ප්‍රජනක සෞඛ්‍යයක්‌ද? ගුරුවරයා සමාජයේ අනිත් පුද්ගලයන්ට දැනුම් තේරුම් ඇති පුද්ගලයෙකි. මාධ්‍යවේදීන් ගත් විට ගුරුවරයාටත් වඩා වැඩි දැනුම ඇත්තෙකි. සමාජයේ සිදුවන වෙනස්‌කම් පළමුව දැනෙන තැනැත්තෙකි.

උදාවී ඇති වටපිටාව හේතුවෙන් පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ රජය දරන මත, නීති වෙනස්‌ කිරීමේ කාලය පසුවී තිබේ.

රටේ වර්තමානයේ පවතින නීතිරීති අනුව පවුල් සැලසුම් ක්‍රමයක්‌ භාවිත කළ හැක්‌කේ නීත්‍යනුකූල විවාහ දිවියට ඇතුළත් වූ යුවළකට පමණි. පිරිමින් සඳහා යම් යම් උපත්පාලන උපකරණ විවෘත වෙළෙඳපොළේ විකිණීමට ඇතත් ස්‌ත්‍රීන් සම්බන්ධයෙන් ඇත්තේ දැඩි නීතිරීති තත්ත්වයක්‌. විශේෂයෙන් පවුල් සෞඛ්‍ය නිලධාරිණියකගේ නිර්දේශ නැතුව එA කිසිවක්‌ කරගත නොහැකි තත්ත්වයකි.

නීති දැඩි කොට මේවා ජනතාව අතරට යා නොදී සිටීමේ අවසාන ප්‍රතිඵල අනවසර ගබ්සාවලට යොමුවීමයි. එය වර්තමානයේ දහසත් ඉක්‌මවා ඇතැයි සමාජ පර්යේෂකයන් පවසන්නේ. සියලු සත්වයෝ තමන්ගෙන් ලැබෙන දරුවාට ආදරය කරති. ඔවුන්ට කවා පොවා ලොකු මහත් කරති. එහෙත් සමහරක්‌ මිනිස්‌ අම්මලා තම කුසට ආ දරු ගැබ විනාශ කිරීමට පෙළඹෙති. අනවසර ගබ්සා මෙන්ම නීත්‍යනුකූල ගබ්සාවලිනුත් විනාශ වෙන්නේ මේ රටේ කාන්තාවගේ ජීවිතයි. පිච්චෙන්නේ, රෝගී වන්නේ අපේ රටේ කාන්තා පරපුරයි.

මාපා තිලකසූරිය

Divaina 2012.04.03

No comments:

Post a Comment