Wednesday, April 4, 2012

රජයේ නිලධාරීන්ට සම්මන්ත්‍රණවලට සහභාගිවීමට අමාත්‍යංශ ‍ලේකම්ගේ අනුමැතිය ඕනෑ

2012 අප්‍රේල් 03 වෙනි අඟහරුවාදා, 23:00

සංජය නල්ලපෙරුම

කැබිනට් මණ්ඩල තීරණයක්

සම්මන්ත්‍රණ සහ වැඩමුළුවලට සහභාගි වන සියලුම රජයේ නිලධාරීන් අදාළ අමාත්‍යංශයේ ‍ලේකම්වරුන්ගෙන් අනුමැතිය ලබාගතයුතු බවත්, එය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පමණක් අදාළ වන තීරණයක් නොවන බවත් උසස් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි. මෙම තීරණය උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පමණක් ගත් තීරණයක් නොවන බවද අමාත්‍යංශය සඳහන් කරයි. මෙම තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති බවත්, ඒ බව ජනාධිපති ‍ලේකම්වරයා විසින් මාර්තු 3 වැනිදා සියලුම අමාත්‍යංශය ‍ලේකම්වරුන්ට, ප්‍රධාන ‍ලේකම්වරයාට ආණ්ඩුකාර ‍ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානියට දැනුම්දී ඇති බවද උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එම ලිපිය අනුව අමාත්‍යංශ දෙපාර්තමේන්තු, පළාත් සභා සහ සෙසු රජයේ ආයතන හැර අනෙකුත් සංවිධාන හා පර්ශ්ව විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ, වැඩමුළු හා පුහුණු වැඩසටහන් ආදියට සහභාගිවීමට පෙර අමාත්‍යංශ ‍ලේකම්ගේ අනුමැතිය ලබාගත යුතු බවද එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි

lakbima.lk

No comments:

Post a Comment