Sunday, April 8, 2012

ලෝක සෞඛ්‍ය දිනය අද

Created on Saturday, 07 April 2012 10:15

ලෝක සෞඛ්‍ය දිනය අදට යෙදී තිබේ. ''යහ සුවසෙත නිති සලසයි - ජීවය පිරි දිගු ගමනක්'' මෙවර ලෝක සෞඛ්‍ය දිනයේ තේමාවයි.

1948 ආරම්භ කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංවත්සරය අනුස්මරණය කිරීම සඳහා සෑම වසරක ම අප්‍රේල් 7 වැනි දා ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබයි.

වර්ෂ 2012 ලොක සෞඛ්‍ය දිනයේ තේමාව ලෙසින් ''වයස්ගත වීම සහ සෞඛ්‍ය'' දක්වා ඇත්තේ ''යහ සුවසෙත නිති සලසයි-ජීවය පිරි දිගු ගමනක්'' යන පණිවුඩය තේමා කරගෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ ජාතික විශේෂඥ උපදේශිකා විශේෂඥ වෛද්‍ය සරෝජිනී මානික්‍යරත්නම් මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසුවා ය.

මෙහිදී සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩිහිටි පුරුෂයින් වැඩිහිටි කාන්තාවන් තෘප්තිමත් හා ඵලදායි දිවි පෙවතකට ආධාර වන අයුරින් ඔවුන්ගේ පවුල් ඒකකවලට හා ප්‍රජාවට සම්පත් දායකයකු ලෙසින් දායක වීම පදනම් කොට ගැනීම විමසුමට ලක්කෙරෙයි. වියපත් වැඩිහිටියන්ගේ නිරෝගී හෙට දවස වෙනුවෙන් ශ්‍රී ලංකාව ඇප කැප වී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය දිනය තේමා කරගනිමින් පසුගිය දිනවල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ බවත් එහිදී වැඩිහිටියන්ගේ අත්කම් භාණ්ඩ ප්‍රදර්ශන, බෝනොවන රෝග පිළිබඳ ව දැනුවත් කිරීම වැනි වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක් ව ක්‍රියාත්මක කොට තිබේ.

මීට සමගාමී ව ලබන 24 වැනි දින පාසල් සහ විවෘත අංශ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඡායාරූප ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු කර ඇතැයි මානික්‍යරත්නම් මහත්මිය සඳහන් කළාය.

sinhala.news.lk

No comments:

Post a Comment