Tuesday, February 28, 2012

වෛද්‍යවරයාට එරෙහිව විනය ක්‍රියා

සරත් ධර්මසේන

රජයේ රෝහල්වල වෛද්‍යවරු ඊයේ (27 දා) වැඩ වර්ජනයක යෙදෙන බවට අසත්‍ය නිවේදනයක්‌ නිකුත් කළ කොළඹ මහ රෝහලේ වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්‌ ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාදෙනිය මහතා "දිවයින" ට පැවසීය.

වෛද්‍ය සේනාරත්න මහතාට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් නිවේදන නිකුත් කිරීමට බලය පවරා නැති බවත්, වෛද්‍යවරුන්ට බලපාන වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ මව් සංගමයේ ප්‍රධාන කමිටුව විසින් බවත් වෛද්‍ය පාදෙනිය මහතා කීය.

මින් ඉදිරියට එවැනි නිවේදන නිකුත් කිරීමෙන් වැළකිය යුතු යෑයි වෛද්‍ය සේනාරත්න මහතාට අවවාදාත්මක දැනුම් දීමක්‌ කළ බවද ඔහු කීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියා කරන්නේ සංගමයේ ව්‍යවස්‌ථාවට අනුවයි. ප්‍රවාහන දීමනාවක්‌ ඇතුළු ඉල්ලීම් කීපයක්‌ සම්බන්ධයෙන් සංගමයේ ප්‍රධාන කමිටුව රැස්‌වී සාකච්ඡා කළා. රුපියල් 8,000 ක්‌ සමග නොමිලේ ඉන්ධන ලීටර් 120 ක්‌ හෝ රුපියල් 29,000 ක ප්‍රවාහන දීමනාවක්‌ මසකට ලබාදෙන්නැයි සංගමය රජයෙන් ඉල්ලීමක්‌ කළා. ඒ ඉල්ලීම ලබාදෙන්න රජය කැමැති වුවත් වහාම ඉටුකිරීමට පුළුවන්කමක්‌ නැතැයි කියා සිටිනවා යෑයි වෛද්‍ය පාදෙනිsය මහතා පªª

Divaina 2012.02.28

No comments:

Post a Comment