Saturday, February 18, 2012

සේවක වැටුප් වැඩි කරන ලෙස ‍රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි

2012 පෙබරවාරි 17 වෙනි සිකුරාදා, 14:44
 (කොළඹ -ලංකාපුවත්)ජිවන වියදම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බැවින් වහාම සේවක වැටුප් වැඩි කරන ලෙසරාජ් සේවා එක්සත් හෙද සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.
පසුගියදා වැඩි කරන ලද ඉන්ධන මිල හේතුවෙන් ආහාර ද්රව් කිරිපිටි,බෙහෙත් ,ප්රවාහන ගාස්තු ,විදුලිබිල ඉදිරියේදී වැඩි කිරීමට නියමිත ජලවිදුලිබිල හා ගෑස් බිලද සේවක කොටස් වලට දරාගත නොහැකි බව සංගමයේ සභාපති පුජ් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.
රාජ් සේවක වැටුප් සංශෝධනය කොට වසර 06ක් ඉක්ම ගොස් ඇති අතර විවධ දීමනාවන් නියමකොට වසර 10ක් ඉක්ම ගොස් තිබියදී රාජ් සේවක වැටුප් සමාලෝචනය මෙතෙක් කර නොමැත.
වර්තමානයේ ලබමින් සිටින වැටුපට අවම වශයෙන් 42%ක් වැඩිකොට රාජ් සේවකයින්ට සරිලන වැටුප් ක්රමයක් නිර්දේශ කරන ලෙසද එම නිර්දේශ ලැබෙන තෙක් විශේෂ මාසික ජිවන ආධාර දීමනාවක් ලබා දීමට කටයුතු කරන ලෙස සංගමය රජයට යෝජනා කර සිටියි.
lankapuvath.lk-  2012-02-17

No comments:

Post a Comment