Wednesday, February 22, 2012

හිපොක්‍රැටික්‌ පරපුරෙන් ෂයිලොක්‌ පරපුරට මාරු වූයේද? අපේ වෙද නලාව

ලංකාවේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සිදු කළේ අපේ ගමේ, කඩවත කිරිමැටියාගාරේ, ලීටස්‌ තිරිමාන්නටය, ගමේ ජීවත් වූ අතිශයින් නිහතමානි සුන්දර මිනිසෙකු වූ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපස්‌ථායක වරයෙකු වන චාලි අයියා ලීටස්‌ ගේ පියාය. මේ රත්තරං මනුස්‌සයා කිසිදු පැකිලීමකින් තොරව තමාගේ වකුගඩුව තම පුත්‍රයාගේ ජීවිතය ගලවා ගැනීම උදෙසා එදා පරිත්‍යාග කරණු ලැබීය. ඒ 1985 වසරේදීය.

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම භාරව එදා වෛද්‍යවරු තිදෙනෙක්‌ ක්‍රියා කළහ. අද මේ වෛද්‍යවරුන් තිදෙනාම මහාචාර්ය වරුන්ය. ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයකු වූයේ මහාචාර්ය ෂෙරිµaඩීන් මහතාය, කායික වෛද්‍ය විශේෂඥවරයා වූයේ මහාචාර්ය රිස්‌වි ෂෙරීµa මහතාය. එහි නීතිමය පැත්ත ගැන අප දැනුවත් කළේ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාය.

කිරිමැටියාගාර ගමේ අපි සියලු දෙනාම එක පොකුරට එකට එකතුවූයේ රුපියල් ශත වලට ලීටස්‌ තිරිමාන්නගේ ජීවිතය බිළිදිය නොහැක යන හැඟීම අපි සියලු දෙනා තුළම දැඩි ලෙස ඇතිවී තිබුණ නිසාය.

මෙම සැත්කම සිදු කළ යුතුව තිබුණේ පෞද්ගලික රෝහලකය. ඒ කොළඹ රත්නම්ස්‌ රෝහලයි. ගණන් බැලූ පරිදි මුළු වියදම රුපියල් 1,50,000.00 කි. (එක්‌ ලක්‍ෂ පනස්‌ දාහකි). ගමේ අපිට මේ මුදල සෙවීම දැවැන්ත අභියෝගයක්‌ වූවත්, අප සෑම සියලු දෙනාම තුළ වූ දැඩි අධිෂ්ඨානය හා කැපවීම හමුවේ එම අභියෝගය 75% කින් පමණ ජය ගැනීමට අපට හැකි විය.

ඇත්ත වශයෙන්ම කියනවා නම් අපට එකතු කර ගැනීමට හැකිවූයේ රුපියල් 90,000.00 වැනි මුදලකි. ඒ මුදලින් රෝහල් ගාස්‌තු ගෙවා දැමීමට හැකි වූවත්, ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ෂෙරිµaඩීන් මහතා ගේ සහ කායික වෛද්‍ය විශේෂඥ මහාචාර්ය රිසිවි ෂෙරීµa මහතාගේත් ගාස්‌තු ගෙවීමට නොහැකි වූ බව මාගේ මතකයයි.

සැබෑ හිපොක්‍රටික්‌ පුතුන් වූ ඒ දෙපල එදා උපරිම සැළකිල්ල දැක්‌වූයේ රෝගියාගේ ජීවිතය බේරාදී ඉතා සාර්ථකව ලංකාවේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට පණ පෙවීමටය. මෙහිදී මගේ මතකයට නැගෙන්නේ එදා ලීටස්‌ තිරිමාන්න බේරා ගැනීමේ වැඩ සටහනේ, ලේකම් වරයෙකු ලෙස ක්‍රියාකළ මා හට මහාචාර්ය ෂෙරිµaඩීන් මහතා කොළඹ වෛද්‍ය විද්‍යාලයේදී එම සැත්කමට පෙර මුණ ගැසුන අවස්‌ථාවකි.

අප ප්‍රශ්න කර සිටියේ මෙම සැත්කමේ ඇති අවදානම ගැනය. එහෙත් එතුමා ඉතා විශ්වාසනීය ලෙස පවසා සිටියේ, ලංකාවට මෙය ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම වූවද තමා එංගලන්තයේදී මෙවැනි සැත්කම් කිහිපයක්‌ම සාර්ථකව සිදු කොට ඇති බවය. එසේම ඒ වන විටත්, එතුමාට සෞදි අරාබියේ කාලිඩ් රාජකීය රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ධුරය බාර ගැනීමට ආරාධනා ලැබී තිබෙන බවත් එහෙත් තමන් කිසිදාක ලංකාව අතහැර එහි සේවයට නොයන බවත් අප සමඟ පවසා සිටියේ, මේ රටේ අහිංසක අසරණ රෝගීන් උදෙසා ඔහු කළ ඒ මහා පරිත්‍යාගය අපේ හදවත් තුළ නොමැකෙන සේ සටහන් කරමිනි. මීට වසර 27 කට පෙර එතුමා කී එම කතාව අදටත් මා සිහිපත් කරනුයේ මහාචාර්ය ෂෙරිµaඩීන් මැතිතුමා කෙරේ වූ ඉමහත් භක්‌තියෙනි.

එතුමා කී පරිදිම ලංකාවේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම අති සාර්ථක විය. මේ පිළිබඳව රටට මුලින්ම දැනුම් දුන් ජාතික පුවත් පත වූයේ දිවයිනය.

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සිදු කරන දිනය රහසක්‌ව තබා ගැනීමට අප තීරණය කර තිබුණේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් ඇති වී ඊට බාධා පැමිණේවි යන බියෙනි.

කෙසේ නමුත්, මා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සිදුකරන දිනයේ උදැසන දිවයින පුවත් පතට කතා කොට ඒ ගැන දැණුම් දුන්නෙමි. එදා මාහා කතා කළේ දිවයිනේ zසෞඛ්‍ය පැත්තZ බාරව කටයුතු කළ මාණ්‌ඩලීය ලේඛක ධර්මන් වික්‍රමරත්න යෝය.

ධර්මන් වික්‍රමරත්න එදා මා තේරුම්ගත් පරිදි අති දක්‍ෂ මාධ්‍යවේදියෙකි. පසුදාම ඔහු මා සමඟ රත්නම් රෝහලට ගියේ මේ අසිරිය සියෑසින් දැකීමටය. අප දෙදෙනා රත්නම් රෝහලට ගියේ දිවයින ඡායාරූප ශිල්පී සරණපාල පමුණුවද සමඟය.

කලින් දා රාත්‍රියේ තම පියාගෙන් ලද වකුගඩුව බද්ධකරගෙන සිටි ලීටස්‌ තිරිමාන්නව අප දුටුවේ දැඩි සත්කාර ඒකකයේ වීදුරුවක්‌ අතරිනි. ඒ වනවිට රෝගියා පියෙවි සිහිය ලැබී ඉතා සන්සුන් ඉරියව්වක පසුවනු පෙනින.

ඔහුට උපස්‌ථාන කරමින් සිටි හෙදි සොහොයුරියක වීදුරුවෙන් එහා පැත්තේ සිට රෝගියා දැක ගැනීමට උත්සාහකරන අපව ඔහුට පෙන්වනු ලැබීය. ලීටස්‌ ජයග්‍රාහී ලෙස අප හා සිනාසුනේය. යන්තමට එක අතක්‌ ඔසවා ආචාර කළේය.

සරණපාලගේ කැමරාව සට සට ගා වැඩ කරනු මම දිටිමි. ධර්මන් ඇස්‌ ලොකු කරගෙන ලීටස්‌ දෙස බලා සිටියේය.

පසුදා දිවයිනේ මුල් පිටුවේ පළවූයේ මෙබඳු ප්‍රවෘත්තියකි.

"මගේ පියාගෙන් මම යළිත් වතාවක්‌ ජීවිතය ලැබුවෙමි" ලංකාවේ සිදුකළ ප්‍රථම සාර්ථක වකුගඩු බද්ධ කිරීමේ රෝගියාවූ ලීටස්‌ තිරිමාන්න අප හා එසේ පැවසුවේ කොළඹ රත්නම්ස්‌ පෞද්ගලික රෝහලේදීය.

මීට වසර 27 කට පෙර අපේ රටේ වෛද්‍යවරුන් රුපියල් ශත වලට දෙවන තැනදී, රෝගියාගේ ජීවිතය ගොඩදැමීමට පළමු තැනදී ක්‍රියාකළ උතුම් ආකාරය ගැන සත්‍යවූ නිදර්ශනයක්‌ ඒ. ඔවුන් සැබැවින්ම වෙද නලාව අතේ තියාගත් හිපොක්‍රැටික්‌ පරපුරේ වෛද්‍යවරුන්ය. එදා මෙදා තුර දශක තුනකට ආසන්න කාලයක්‌ ඇතුළත සිදුවී ඇති සමාජ පරිවර්තන හමුවේ අපි දේවත්වයෙන් ඇදැහූ ඇතැම් වෘත්තිකයෝ අසිපත සුරතට ගත් ගහලයන් සේම ක්‍රියාකරණු දකින්නටත්, අසන්නටත් ලැබීම සැබැවින්ම අවාසනාවකි. එහෙත් තිත්ත ඇත්තද එයම වේ.

නීතිය යුක්‌තිය සාධාරණය සේම සෞඛ්‍යද ඉතා ශෝචනීය ලෙස පිරිහී තිබේ. වෛද්‍යවරයාත්, නීතිඥවරයාත් අතර වෙනසක්‌ අද දැකිය නොහේ. මීට වසර තිහකට පෙර ගම්පහ උසාවියේදී මා දුටු අමිහිරි සිද්ධියක්‌ තවමත් මගේ හදවත කම්පනය කරවයි.

වයස අවුරුදු හැත්තෑවකට ආසන්න අම්මා කෙනෙකි. චීත්තයකින් සහ සැට්‌ටයකින් සැරසී සිටි ඒ අම්මා කරේ දමාගෙන සිටියේ කුඩා තුවායක්‌ වැනි සාළුවකි. ඇය කතා කරමින් සිටියේ එවකට ගම්පහ උසාවියේ සිටි අංක එකේ පෙරකදොaරු මහතෙක්‌ සමඟය. ඔහු ඇයගේ මුහුණ දෙස වත් නොබලාම කීවේ එක දෙයකි.

"කෝ සල්ලි සල්ලි" අර අම්මා සාළුව මෑත්කර සැට්‌ටය අස්‌සට අතදමා තිසර පොටේ සඟවාගෙන ඉතා පරිස්‌සමට ගෙවිත් තිබූ මුදල් නෝට්‌ටු කීපයක්‌ මහේශාඛ්‍ය පෙරකදොaරුවා අත තැබුවාය. ඔහු ඒ අම්මාගේ මුහුණ දෙසවත් නොබලාම ගත් මුදල කලු කෝට්‌ සාක්‌කුවට ඔබා ගත්තේය. යම් හෙයකින් එම නීතිඥවරයා අර අම්මාගේ දැස දුටුවානම් ඔහු ඇයගේ එම නඩුවට නොමිලයේම කතා කරනු ඇතැයි එදා මට සිතුණේ, ඒ අසරණ අම්මාගේ මුහුණේ වූ දුක්‌ත හැඟීම. මේ මොහොතේදී පවා මගේ හදවත වේදනාවට පත්කරවන හෙයිනි.

මීට දශක තුනකට එහා අපේ රටේ වෛද්‍යවරුන් සහ නීතිඥවරුන් සිටියේ ඒ අයුරින් අන්ත දෙකකය. එහෙත් අද මේ අන්ත දෙකම සමපාත වී තිබේ. මගේ කිට්‌ටුවන්ත මිතුරෙකු සිය බිරිඳ සමඟ කායික විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමට ගියේ සිය බිරිඳගේ දණහිසේ ඇතිවූ ආබාධයකට ප්‍රතිකාර ගැනීමටය. එහිදී ඔහු නිකමට මෙන් වෛද්‍යවරයාට පවසා සිටියේ තම බිරිඳට කඳු නැගීමේදී හකුදෙපස තදවීමක්‌ සිදුවන බවත් පවසනවා කියාය.

වෛද්‍යවරයා නියම කළේ ECඨ එකක්‌ ගැනීමටය. ECඨ වාර්තාව බලා වෛද්‍යවරයා මගේ මිත්‍රයාට පවසා සිටියේ වහාම ගිලන් රථයකින් ඇයව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ යුතුබවය. එම වෛද්‍යවරයා සැක පහළ කළ පරිදි මගේ මිතුරාගේ බිරිඳට ජීවත්වීමට වාසනාව ඇත්තේ අවිනිශ්චිත කාල පරාසයකි.

දණහිසේ අමාරුව හැර ඉහෙන් බහින ලෙඩක්‌ නොතිබූ සිය බිරිඳ ගැන මේ විශේෂඥ වෛද්‍යවරයා ඉඳුරාම පවසන කතාව ඇදැහිය නොහැක්‌කකි. මා අසා ඇති පරිදි මගේ මිතුරාගේ බිරිඳට කිසිදාක කලොස්‌ටරෝල් තිබී නැත. දිය වැඩියාව හෝ අධික රුධිර පීඩනය හෝ තිබි නැත. කිසිදාක හරක්‌ මස්‌, කුකුළ් මස්‌ අනුභව නොකරන ඈ තෙල්කෑම කෑමෙන්ද වැළකී සිටියාය. පිටිසර ගම්බද කාන්තාවක වූ ඇය කෑම බීම පවා සකස්‌ කළේ සැමවිටම ගමේ විදිහටමය. ඉඳහිට හීන් අඩියකින් සප්පායම් වන ඇගේ සැමියාට නං ඔය කී ආකාරයේ කෑමට බීමට ඊර්නැ නැත. අනතුරු දායක මට්‌ටමක වූවත් කොලොස්‌ටරෝල්ද ඇත. නමුත් දැන් සිදුවී ඇත්තේ කුමක්‌ද? විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ නිගමනයකට එරෙහිවීමට මා මිතුරාට ඇති සුදුසුකම කුමක්‌ද? ඔහු සිය බිරිඳගේ බලවත් විරුද්ධත්වය මතම පසුදාම හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සොයා ගියේය. ඒ කොළඹ අංක එකේ සුපිරි රෝහලකටය. එම වෛද්‍යවරයාට දීම පිණිස කලින් ඇය පරීක්‍ෂා කළ වෛද්‍යවරයා දුන් ලිපිය එම රෝහලේ කාර්යභාර වෛද්‍යවරයාට දුන් විගස සිදුවූයේ අරුම පුදුම වැඩ සටහනකි.

වහාම මා මිත්‍රයාගේ බිරිඳව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරන ලදී. මුත්‍රා කිරීමට පවා ඇඳෙන් බැසීම සපුරා තහනම් කෙරිණි. සියලු දේ ඇඳ ළඟටම ආවේය. මා මිත්‍රයාගේ බිරිඳ එහෙම පිටින්ම අන්දුන් කුන්දුන් වෙලාය. ඇය ඔහුට ඉඳුරාම පවසන්නී වහාම මේ රෝහලෙන් පිටවී ගෙදර යායුතු බවය. මන්ද කිසිම ආකාරයක අමාරුවක්‌ අසනීපයක්‌ (අඩු තරමේ හිසේ ඇම්මක්‌) තමාට නැති බවය.

මා මිත්‍රයා පත්වූයේ අන්ත අසරණ තත්ත්වයකටය. වෛද්‍යවරුන් කියනා ලෙස, තම බිරිඳගේ ජීවිතය සමඟ දාම් ඇදීමට ඔහුට නොහැකිය. අවසානයේදී කව්රු කුමක්‌ කීවත් වෛද්‍ය උපදෙස්‌ පිළිපැදීමට මගේ මිතුරා දැඩි තීරණයක්‌ ගත්තේ තම බිරිඳට ඇති අප්‍රමාණ ආදරය නිසාය. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා ඇයට භඨධ ඨර්ප පරීක්‍ෂාවක්‌ නියම කළේය. ප්‍රතිඵලය, වෛද්‍යවරයා පරිඝනක තිරයක්‌ මත ස්‌පන්දනය වන ඇගේ හදවත රූප පෙළක්‌ ඇසුරින් මා මිත්‍රයාට පෙන්නා දුන්නේ එදින රාත්‍රියේ දීමය. එකම උපදේශය ඊහ ඡ්ss සැත්කමකි. වෛද්‍යවරයාට අනුව රෝගියාගේ එක්‌ නහරයක්‌ 99% ක්‌ම අවහිර වෙලාය. තවත් නහරයක්‌ 90% ක්‌ අවහිර වෙලාය.

මා මිත්‍රයා, පසුදා එම රෝහලේ සේවය කරන විදේශීය ශල්‍ය වෛද්‍යවරයෙකු වෙතට යවන ලදී. ලැබුන පිළිතුර එකමය. ඉතා ඉක්‌මනින්ම මා මිතුරාගේ බිරිඳට ඊශ ඡ්ss සැත්කම එම සුපිරි රෝහලේදී සිදු කෙරිණි. රුපියල් ලක්‍ෂ හතහමාරකට ආසන්න මුදලක්‌ ඊට වැයවූ අතර, මුලු ජීවිතය පුරාවටම මාගේ මිතුරාගේ දයාබර බිරිඳට දිනපතාම බෙහෙත් පෙති අහුරක්‌ම බීමට සිදුවී තිබේ.

මා මේ කතාව ඔබට කීවේ ඔබව භීතියට පත් කිරීමටවත්, අපේ හෘද රෝග විශේෂඥයන්ට ඊහ ඡ්ss සැත්කම් යනු ලොතරැයි දිනුම් විශේෂයක්‌ය යන්න කීමට හෝ නොවේ. රෝගියා සහ භාරකරුවා භීෂණයට පත් නොකර එකවරම ඊශ ඡ්ss සැත්කමකට නොයා ගත හැකි, ගත යුතු අන් ක්‍රියා මාර්ග කිසිවක්‌ ඔවුන් හැදැරූ වෛද්‍ය ශාස්‌ත්‍රය තුළ නොමැතිදොa යන අහිංසක, අසරණ පැණයක්‌ අපේ හදවතේ ගැඹුරින්ම ප්‍රශ්ණ කරන නිසාය.

මී ළඟට මා ඔබට පවසන්නේ ඉහත කී ආකාරයේ එහෙම පිටින්ම සමාන අත්දැකීමක්‌ ලද මාගේ උගත් මිත්‍රයෙකුට සිදු වූ කතාවකි.

මගේ මිතුරා රජයේ ඉහළ පෙලේ නිලධාරියෙකි. නිල බලයෙන්ම හේ වැඩ බලන මහෙස්‌ත්‍රාත් වරයෙකි. දිනෙක ඔහු කාර්යාලයේ සිටියදී ඇති වූ සුළු පපුවේ අමාරුවක්‌ නිසා, වැඩ ඇරී ගෙදර යන ගමන් හෘදරෝග විශේෂඥ වෛද්‍යවරයකු මුණ ගැසිණි. වෛද්‍යවරයා ඔහුට Eංeරජසිe ECඨ එකක්‌ (බයිසිකලයක්‌ එක තැන පැදීමේ ව්‍යායාමය අතර විද්යුත් හෘද තන්තු පරීක්‍ෂාව) නියම කළේය. ප්‍රතිඵලය ඉහත රෝගියාට සිදු වූ පරිදිමය. වෛද්‍ය උපදෙස්‌ ලැබුණේ වහාම ගිලන් රථයකින්, අසවල් පෞද්ගලික රෝහලට ඇතුළත් වීමටය. තත්ත්වය එතරම්ම භයානකය. යස අපූරුවට වෛද්‍යවරයා මුණ ගැසීමට ආ මා මිත්‍රයාට දැන් ඇත්තේ උභතෝ කෝටික ප්‍රශ්නයකි. ඔහු වහාම සිය බිරිඳව එතැනට ගෙන්වා ගත්තේය. බිරිඳව බෙහෙවින් කලබලවී එක පයින් කියා සිටියේ වෛද්‍යවරයාගේ උපදෙස්‌ අනුව කටයුතු කළ යුතූ බවය.

එහෙත් මගේ මිත්‍රයා zමියෙම්වා රැකෙම්වාZ යන ආකාරයේ තීරණයක්‌ සිය බිරිඳගේ බලවත් ඉල්ලීම මත ඔහු එදිනම ඉහතකී පෞද්ගලික රෝහලට ඇතුළත් කෙරිණි. භඨධ ටර්ප පරීක්‍ෂාවට එදිනම ලක්‌ කරනු ලැබූ ඔහුට. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා දැනුම් දුන්නේ වහාම ඊහ ඡ්ss සැත්කමක්‌ කළ යුතූ බවය.

එහෙත් මා මිත්‍රයා "මියෙම්වා රැකෙම්වා" යන ආකාර තීන්දුවක්‌ ගනිමින් සිය බිරිඳගේ බලවත් විරෝධය මධ්‍යයේ ආපසු ගෙදර ගියේය.

ඉන් පසු වෙනත් වෛද්‍ය වරයෙකු මුණ ගැසී බෙහෙත් ගැනීම ආරම්භ කළේය. සිංහල වෙදකමේ ප්‍රතිකාර ද කළේය. දැන් මේ සිදුවීමට වසර තුනක්‌ පහුවෙලාය. මගේ මිතුරා දේව කරුණාවෙන් සුවසේ ජීවත්වේ.

මෙයින් මා ඔබට පවසන්නේ කිසිවිටෙක වෛද්‍ය උපදෙස්‌ අනුව කටයුතු කරන්න එපා• කියා නම් නොවේ. එහෙත් මෙවැනි දේද අප ජීවත්වන සමාජයේ සිදුවෙමින් පැවැතීම යථාර්ථය බව සටහන් කිරීමටය.

මෙහිදී මට සිහිවන්නේ කලකට පෙර අප කව්රුන් විසිනුත් නැරඹු "ඉසිවර අසපුව" නම්, ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයකු වටා ගෙතුන අනුවේදනීය ටෙලි වෘතාන්තයයි. සැබැවින්ම මෙම ටෙලි නාට්‍යය අපේ රටේ සෑම වෛද්‍ය සිසුවෙකුටම සීමා වාසික පුහුණුවට පෙර හෝ ඒ අතරතුරේදී හෝ දැක ගැනීමට සැලැස්‌විය යුතුය. ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්‌ථාවක්‌ ලබා දිය යුතුය.

අපේ රටේ බුද්ධදාස ර-ජුරුවෝ සතා සීපාවාටත්, බඩගා යන නාගයින්ටත් අනුකම්පාවෙන් වෙදකම් කළ අයුරු ඉතිහාසයේ කියෑවේ. අදටත් බුද්ධදාස පරපුරේ වෛද්‍යවරු අපේ රටේ නැත්තේම නොවේ. කරන්දෙනියේ හිත හොඳ දොස්‌තර මහතාද එවැන්නෙකි. එහෙත් ජාතියේම අවාසනාවකට එතුමා දඩ බල්ලන්ගේ ගොදුරක්‌ බවට පත් කෙරිණි.

වෛද්‍ය පී. ආර්. අන්තෝනිස්‌, මහාචාර්ය සේනක බිබිලේ, මහාචාර්ය දොස්‌තර නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය දොස්‌තර කාමලිකා අබේරත්න, හෘද රෝග විශේෂඥ දොස්‌තර ඩී. පී. අතුකෝරල යන මහා උගතුන් මෙරට නිදහස්‌ අධ්‍යාපනයෙන් ප්‍රඥ ප්‍රදීප බවට පත්වී, තමනට නොමිලයේ අධ්‍යාපනය ලබාදීම උදෙසා රජයට බදුගෙවූ පොදු මහජනතාවට සිය යුතුකම මැනැවින් ඉටුකළ මහා යුග පුරුෂයෝය. ඒ බව අප කෘතවේදීව සිහිපත් කළ යුතුව ඇත.

මුදල පසුපස හඹා යැමට සූදානම් කළ වත්මන් අධ්‍යාපන තරඟ රටාව ඔස්‌සේ පුරුදු පුහුණු වූ, zඅවාසනාවන්තZ 77 න් පසු මෙරටට බිහිවූ ආත්මාර්ථකාමී පන්නරය ලද දූ දරුවන්ගෙන්, විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තිය තෝරාගත් දැයේ දූ දරුවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, අනුකම්පා සහගතව ඔබ වෙතට එන රෝගියා පරීක්‍ෂාකොට බලා රෝග ප්‍රතිකාරය සහ දිය යුතු ඖෂධය තීරණය කරන ලෙසය.

අප දන්නා පරිදි ඇතැම් වෛද්‍යවරුන් විසින් විවිධ රෝග සඳහා නියම කරනු ලබන ඖෂධය තීරණය කරණු ලබන්නේ බොහෝවිට නිතිපතා ඔවුන් සොයා එන ඖෂධ අලෙවි කරන බහු ජාතික සමාගම්වල අලෙවි ප්‍රවර්ධන නිලධාරීන්ය. වසර අවසානයේ දී එවන් වෛද්‍යවරුන්ට එකී සමාගම් වලින් ලැබෙන විවිධ වරදාන උදෙසා, හිපොක්‍රටික්‌ වෙද නලාවේ ජරාව ගාගන්නෝ අද එමටය. සැබැවින්ම ඔබේ දයාබර මාතෘ භූමියට අද දවසේදී අවශ්‍යවන්නේ, මිනිසාට පමණක්‌ නොව සතා සීපාවාට පවා ආදරය කරුණාව මෛත්‍රීය දක්‌වන බුද්ධදාස පරපුරේ වෛද්‍යවරුන්ය, වෛද්‍යවරියන්ය.

ජයන්ත විඡේසිංහ

Divaina 2012.02.21

No comments:

Post a Comment