Wednesday, February 29, 2012

ගතවූ මාස දෙක තුළ ඩෙංගු රෝගීන් 27 දෙනෙකු මියයයි

2012 පෙබරවාරි 28 වෙනි අඟහරුවාදා, 02:26
ශ්‍රියාණි විජේසිංහ

වැඩිම රෝගීන් ගණන බස්නාහිර පළාතෙන්

ගත වූ මාස දෙක තුළද දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් ඩෙංගු රෝගීන් 27 දෙනෙකු මිය ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටී. රෝගීන් 6138 දෙනෙකු හමු වූ අතර ඉන් වැඩිම ප්‍රතිශතය වන සියයට 51.97 බස්නාහිර පළාත තුළින් වාර්තා වී ඇත. මෙහි වැඩිම රෝගීන් සංඛ්‍යාව ජනවාරි මාසයෙන් වාර්තා වු බවද පැවසේ.
මේ දිනවල පවතින කඩින් කඩ වර්ෂාව ඩෙංගු රෝගය වඩාත් උත්සන්න ලෙස පැතිර යාමට ඉඩ ඇති බැවින් මදුරුවන් බෝවන ස්ථාන වෙතොත් ඒවා වහාම පිරිසිදු කර ගනන්නා ලෙසද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කර සිටී.
එමෙන්ම උණ රෝගයක් වැළඳුණහොත් දින තුනක් ඇතුළත වහාම වෛද්‍යවරයෙකු හමුවන ලෙසද සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටී.

lakbima.lk

No comments:

Post a Comment