Saturday, February 18, 2012

2012 පෙබරවාරි 18 : මේ දිනවල ලංකාවේ බලවත්ම පුද්ගලයා කවුද ?

මේ ඇල්කෙමියාගේ දිනපොත | ALCHEMIST'S DIARY නැමති blogsite එකේ පලවූ ලිපියක්. අපටත් ඒක චුට්ටක් අදාල නිසා කියවා බලන්න.


2012 පෙබරවාරි 18 : මේ දිනවල ලංකාවේ බලවත්ම පුද්ගලයා කවුද ?
පෙබ 17
Posted by Alchemiya

පහුගිය දවස්වල වෙච්චි සිදුවීම් දිහා බැලුවාම මට හරි ප්‍රශ්නයක් ආවා…
මේ දිනවල ලංකාවෙ බලවත්ම පුද්ගලයා කවුද කියලා… මට හරියට උත්තරයක් හොයාගන්න බැරි නිසා මම ලැයිස්තුවක් පළ කරනවා…. ඔබේ ඡන්දය ලබා දී ලංකාවේ බලවත්ම පුද්ගලයා කවුදැයි සොයා ගැනීමට උදවු වී ඉරාණයෙන් ආනයනය කළ ඉස්තරම්ම ලාම්පුතෙල් බෝතලයක් තෑගි වශයෙන් ලබා ගන්න.
• ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
• ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ
• හිටපු හමුදාපති සරත් ෆොන්සේකා
• විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
• කරු ජයසූරිය
• සජිත් ප්‍රේමදාස
• බැසිල් රාජපක්‍ෂ
• නාමල් රාජපක්‍ෂ
• විදුලිබල ඇමති චම්පික රණවක
• විමල් වීරවංශ
හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
• මහාචාර්ය නලින් සිල්වා
• දෙමළ ජාතික සංධානයේ ආර් සම්බන්දන්
• ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස
• තේ-රීම් කමිටු සභාපති අසන්තා ද මෙල්
• මහ බැංකු අධිපති අජිත් කබ්රාල්
• ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා
• අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන
• උසස් අධ්‍යාපන ඇමති ඇස් බී දිසානායක
• ලාල් කාන්ත
• පෞද්ගලික බස් සංගමයේ බස් ගැමුණු විජේරත්න
ලැයිස්තුවෙ අගට යනකල්ම කියවන්න….කියවලා හරි උත්තරේ යටින් ලියන්න…. තමන්ගෙ උත්තරේ සාධාරණ කරන්න හේතුවත් ලිවුවොත් අගෙයි….


මෙන්න ඒකට ලැබුණු එක පිළිතුරක්

  •  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ – ලබාගත්ත ජනප්‍රියත්වය රැක ගන්නට බැරිය
  • ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ – ලැබුනු ගෞරවය රැක ගැනීමට බැරිය
  • හිටපු හමුදාපති සරත් ෆොන්සේකා – කට පරිස්සම් කරගන්නට බැරිය
  • විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ – ඡන්ද දිනන්නට බැරිය
  • කරු ජයසූරිය – පබා තරම් ඡන්ද ගන්නට බැරිය
  • සජිත් ප්‍රේමදාස – නායකත්වය ගන්නට බැරිය
  • බැසිල් රාජපක්‍ෂ – රටටම චාටර් නොවී කරගන්න දෙයක් කරගන්නට බැරිය
  • නාමල් රාජපක්‍ෂ – ගොන් කම ප්‍රදර්ශනය නොකර සිටීමට නොහැකිය
  • විදුලිබල ඇමති චම්පික රණවක – කිච නොවී සිටිය නොහැකිය
  • විමල් වීරවංශ – බොරුවට කැ ගහනවා හැර වෙනත් මොකුත් බැරිය
  • හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි – කරගත්ත දෙයක් නැතිය
  • මහාචාර්ය නලින් සිල්වා – කැම්පස් එකේ පට්ටම රැකගන්නටවත් බැරි ය
  • දෙමළ ජාතික සංධානයේ ආර් සම්බන්දන් – 13+ තියා 13 වත් ගන්නට බැරිය
  • ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස -?
  • තේ-රීම් කමිටු සභාපති අසන්තා ද මෙල් – ?
  • මහ බැංකු අධිපති අජිත් කබ්රාල් – ආර්ථික විද්‍යාව බැරිය
  • ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා – මොකුත්ම බැරිය
  • අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන – විභාගයේ ලකුණු ටික දීගන්නට බැරිය
  • උසස් අධ්‍යාපන ඇමති ඇස් බී දිසානායක – පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ගේන්නට බැරි වුනාය
  • ලාල් කාන්ත – කට විතරය වැඩ බැරිය
  • පෞද්ගලික බස් සංගමයේ බස් ගැමුණු විජේරත්න – ඉල්ලුව දේ පැය 24න් ලබාගත්තේය
So winner is බස් ගැමුණු විජේරත්න

http://alchemistsdiary.wordpress.com

No comments:

Post a Comment