Wednesday, February 1, 2012

වර්ජන අනවශ්‍ය බව මුරුත්තෙට්ටුවේ හිමි කියයි

2012 පෙබරවාරි 01 වෙනි බදාදා, 08:37 Sri Lanka Mirror Editor


 ජනාධිපතිවරයා විසින් හෙද නිලධාරීන්ගේ සියලු ගැටලූවලට විසඳුම් ලබාදීමට සූදානම් වන මේ මොහොතේ විරෝධතා අවශ්‍ය නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වදාරා සිටිති.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ඊයේ (31) සංවිධානය කර තිබු විරෝධතාවය අසාර්ථක බවද උන්වහන්සේ සඳහන් කරයි.
කෙසේ වෙතත්, විශ්වවිද්‍යාලවලින් පිටවී ඇති හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බඳවා නොගැනීම, II ඒ ශ්‍රේණියේ උසස්‌වීම් හා අධි ශ්‍රේණි යේ උසස්‌වීම් හෙද නිලධාරීන්ට ලබා නොදීම, නිල ඇඳුම් දීමනාව ආදී ඉල්ලීම් ඉල්ලීම් 12 ක් මුල්කර ගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණ ඊයේ (31) දිවයින පුරා රෝහල් රැසක්  ඉදිරිපිටදී පැවැත්විණි.
srilankamirror

No comments:

Post a Comment