Wednesday, February 29, 2012

වැඩියෙන් ආහාර ගෙන අඩුවෙන් වැඩ කිරීම සුදුසු පරිභෝජන රටාවක්‌ නොවේ

ස්‌ථුලතාවයේ වර්ධනයට ප්‍රධාන
හේතුව පිටි ආහාර වැඩියෙන් ගැනීමයි
- මහාචාර්ය ජෙයා හෙන්රි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ශ්‍රී ලංකා පෝෂණ විද්‍යා සංගමයේ වාර්ෂික විද්‍යාත්මක සැසිය පසුගියදා කොළඹ ටාඡ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

මෙවර එම සැසියේ තේමාව වූයේ මනා පෝෂණය තුළින් ජීවන රටාව ආශ්‍රිත ලෙඩ රෝග වැළැක්‌වීමයි.

මෙහිදී කතා කළ එංගලන්තයේ ඔක්‌ස්‌µර්ඩ් බෲක්‌ස්‌ විශ්වවිද්‍යාලයේ සහ සිංගප්පූරු සායනික විද්‍යා ආයතනයේ මහාචාර්ය ජෙයා හෙන්රි මහතා මෙසේ පැවසීය.

ලෝකයේ ප්‍රධාන වශයෙන් ධාන්‍ය වර්ග තුනකට බෙදිය හැකියි. එනම් සහල්, තිරිඟු, බඩඉරිඟු ආදී වශයෙන්. අද මිනිසුන් කන්නේ මේ ආහාර. නමුත් අතීතයේ මිනිසුන් මීට වඩා වැඩි ප්‍රමාණයක්‌ ධාන්‍ය වර්ග ආහාරයට ගත්තා. උදාහරණ වශයෙන් කිව්වොත් මෙනේරි, කුරක්‌කන්, තල වැනි දැ."

"වර්තමානයේදී ඇතිවී ඇති ස්‌ථුලතාවයට, වේගයෙන් වර්ධනය වන දියවැඩියාවට, හෘදයාබාධවලට හේතුව අධික වූ පිටි සහිත ආහාර භාවිතය බව හෙළිවී තිබෙනවා."

ශ්‍රී ලාංකීය ජනතාව අඩුවෙන් කය වෙහෙසා වැඩ කරමින් විශාල ප්‍රමාණයක්‌ බත් පරිභෝජනය කිරීම සහ එළවළු, පලතුරු අඩුවෙන් අනුභව කිරීම සුදුසු ආහාර පිළිවෙතක්‌ නොවේ."

මෙහිදී කතා කළ ශ්‍රී ලංකා පෝෂණ විද්‍යා සංගමයේ සභාපති ආචාර්ය රේණුක සිල්වා මහතා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් සියයට තිස්‌හතරක ප්‍රමාණයක්‌ ස්‌ථුලතාවයෙන් පෙළෙන බවට හෙළිවී තිබෙනවා. එම වැඩිහිටියන්ගෙන් වැඩි දෙනකු වැඩි අවදානමකින් පෙළෙන්නන්. මීට අමතරව වැඩිහිටියන්ගෙන් සියයට දහයක්‌ පමණ දියවැඩියා රෝගයෙන් ද, තවත් සියයට හයක පමණ ප්‍රමාණයක්‌ ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගයෙන් ද පෙළෙන බව හෙළිවී තිබෙනවා.

අධික ලෙස පිටි සහිත ආහාර ගැනීම, එළවළු හා පලතුරු ආහාරයට ගැනීම අඩුවීම හා කය වෙහෙසා වැඩ නොකිරීමත්, ශාරීරික ව්‍යායාමවල නිසි පරිදි නොයෙදීමත් මෙම ස්‌ථුලතාවයට හේතුවක්‌.

එමෙන්ම අප ගන්නා ආහාර පිළිබඳව නොසැලකිලිමත්වීම, කය වෙහෙසා වැඩ නොකර එක දිගට පරිගණක භාවිත කිරීම, රූපවාහිනිය නැරඹීම මෙම ස්‌ථුලතාවයට තවත් හේතූන්. මේ සඳහා රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අමාත්‍යාංශ, විශ්වවිද්‍යාල විශ්ලේෂකයන් එකමුතුවෙන් ඉදිරිපත් කරන වැඩපිළිවෙළක්‌ ඇති වුවහොත් මෙම තත්ත්වයන් වෙනස්‌ කිරීම අපහසු නොවේ.

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන විස්‌සක්‌. ඉතින් මේ මිලියන විස්‌සටම රාජ්‍ය අංශයේ පෝෂණවේදීන් ඉන්නේ හතරදෙනෙක්‌ විතරයි. ඉතිං මේ ගැනත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවිය යුතුය

Divaina 2012.02.29

No comments:

Post a Comment