Sunday, February 26, 2012

ඉල්ලීම් සඳහා විසඳුම් ලද හෙයින් වර්ජනය අවලංගුයි - එක්සත් හෙද සංගමය

2012 පෙබරවාරි 25 වෙනි සෙනසුරාදා, 17:15



හෙද සේවාවේ ඉල්ලීම් ගණනාවකට විසඳුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බැවින් ලබන 02 වැනි දා දිවයින පුරා රෝහල්වල ආරම්භ කිරීමට නියමිත හෙද වැඩවර්ජනය අවලංගු කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍ය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් සහ වැටුප් හා සේවක සංඛ්‍යා කමිටු නිලධාරීන් සමග රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පැවැත් වූ විශේෂ සාකච්ඡාවක දී මෙම ඉල්ලීම් ලබා දීමට එකඟ වූ බව සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ඉහළ නැංවූ ඉන්ධන මිල,බස් ගාස්තු ඇතුළු වියදම්වලට සාපේක්ෂ ව සේවක වැටුප් වැඩි නොවීම හේතුවෙන් එම වර්ජනය පැවැත්වීමට වෘත්තීය සමිතිය තීරණය කර තිබිණි. 

asianmirror.lk

No comments:

Post a Comment