Wednesday, February 1, 2012

ශ්රීක ලංකාවේ කොතැනකවත් කුරුලු උණක්‌ නැහැ සෞඛ්යස අධ්යැක්ෂත ජනරාල් සහතික කරයි

සිරිල් විමලසුරේන්ද්ර2

බිංගිරියේ තියා ශ්රීර ලංකාවේ කොතැනකවත් කුරුලු උණක්‌ නැති බවට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්යර අධ්යීක්ෂං ජනරාල් වෛද්යඋ ඩබ්ලිව්. කේ. ද සිල්වා මහතා සහතික කරයි.

බිංගිරිය ප්රයදේශයේ පෞද්ගලික සත්ත්ව ගොවි පළක කුකුළන් කීප දෙනකු මියගොස්‌ ඇත්තේ කුරුලු උණකින් නොවන බවත් වෛද්යි ද සිල්වා මහතා ඊයේ (1 වැනිදා) ප්රාවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

කෙසේ වුවත් බිංගිරිය ප්රනදේශයේ පැතිරී යන කට කතා හා නොසන්සුන්තාවට ප්රිතිචාර දක්‌වමින් පෞද්ගලික කුකුළු ගොවිපොළ පවත්වාගෙන යැම සීල් තබා තහනම් කිරීමට පියවර ගත් බවද වෛද්යෞ ද සිල්වා මහතා මහනුවර ගැටඹේ සත්ත්ව පාලන හා දෙපාර්තමේන්තු ශ්රලවණාගාරයේදී පැවැති මධ්යේ සාකච්ඡාවකදී පැවසීය.

ගොවිපළේ පන් දහසක්‌ පමණ සිටින කුකුළන් අතරින් කීප දෙනකු වරින්වර කුකුළු උණ නොවන රෝගී තත්ත්වයකින් මිය යැම ගැන හටගත් සැකය හා පළාත්වාසීන්ගේ විරෝධය නිසා ගොවිපළේ කුකුළන් සියල්ලන්ම විනාශ කර දැමීමට පියවර ගන්නා බවත් අධ්යික්ෂ ජනරාල්වරයා පැවසීය.

තම දෙපාර්තමේනතුවේ ඉහළම සුදුසුකම් ලබා සිටින විද්යාවඥයන් ලවා පරීක්ෂකණ පැවැත් වූ නමුත් ගොවිපළේ ජීවත්වන සහ මියගිය කුකුළන්ට කුරුලු උණ වැළඳී නොමැති බව සහතික කරන බවද අධ්යේක්ෂ් ජනරාල්වරයා තවදුරටත් පැවැසීය.

එබැවින් කුකුළු ගොවිපළ හිමියන්ගෙන් කුකුළු මස්‌ හා බිත්තර අනුභව කරන ජනතාව හෝ කිසිදු ආකාරයකින් බියක්‌ සැකයක්‌ ඇති කරගත යුතු නොවන බවද අධ්ය ක්ෂ වරයා පැවසීය.

එපමණක්‌ නොව ශ්රී‌ ලංකාවේ කුකුළු ගොවිපොළ පවත්වාගෙන යන ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ ද ක්රිකයාත්මක කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

මේ අතර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය් දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියකු පැවසුවේ සැකයට භාජනය වී දැනට සීල් තබා ඇති ගොවිපොළේ කුකුළන් 5000 ම විනාශ කර ගොවිපළේ තාවකාලික ගොඩනැඟිලි ආදිය හා කුකුළු කොටු ආදියත් ගිනි තබා විනාශ කරන බවය.

ස්‌ථිර ගොඩනැඟිලි ආදිය වීෂබීජ නාශක ආදිය යොදා පිරිසිදු කරන බවද හෙතෙම පැවැසීය.

විනාශ කර දමන කුකුළන් වෙනුවෙන් ගොවිපොළ හිමියාට වන්දියක්‌ ගෙවීම සඳහා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව විමසීමකට පිළිතුරු දෙමින් හෙතෙම පැවැසීය.

අධ්යමක්ෂත ජනරාල් ද සිල්වා මහතාගේ ප්රතධානත්වයෙන් පැවැත්වුණු ප්රසවෘත්ති සාකච්ඡාවට අතිරේක අධ්යොක්ෂෂ ජනරාල් වෛද්යග ආචාර්ය නිමල් චන්ද්රැසිරි, අධ්ය‍ක්ෂස සැලසුම් සහ ආර්ථික පුෂ්පා විඡේරත්න, නියෝජ්යන අධ්ය්ක්ෂ රංජනී හෙට්‌ටිආරච්චි, නියෝජ්යැ අධ්යකක්ෂඑ සුසිල් සිල්වා, නියෝජ්යව අධ්ය්ක්ෂජ කේ. ඩී. ආරියපාල, සහකාර අධ්යචක්ෂස කමල් ජයවීර, සහකාර අධ්ය ක්ෂ ටිකිරි විඡේතිලක, සහකාර අධ්යයක්ෂඩ කපිල වික්රපමසිංහ සහ මානව සම්පත් සංවර්ධන අධ්යකක්ෂය ආර්. එම්. එල්. රත්නායක යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

divaina 2012.02.02

No comments:

Post a Comment