Friday, February 10, 2012

දිවයින පුරා රෝහල්වල ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක්

2012-02-10

දිවයින පුරා ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ ගණනාවක හිඟයක් පවතින බව සමස්ත ලංකා සුවසේවා සංගම‍ය චෝදනා කරයි.
පසුගිය වසරේදී ද මෙවැනි තත්ත්වයක් ඇති වූ බව එම සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ මහතා සඳහන් කළේය.
ඖෂධ බෙදාහැරීම සම්බන්ධ නිසි වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොමැති වීම මීට හේතුව බව ගාමිණි කුමාරසිංහ මහතා පවසයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ වෛද්‍ය සැපයුම් අංශයෙන් කළ විමසීමක දී ඇතැම් රෝහල්වල සුළු වශයෙන් එවැනි තත්ත්වයක් පැවතිය හැකි බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතා සඳහන් කළේය.
හැකි ඉක්මනින් එම තත්ත්වය මගහැරවීම සඳහා ද කටයුතු කරමින් පවතින බව ජයසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

elakolla.com

No comments:

Post a Comment