Wednesday, February 22, 2012

ඖෂධ පාලන මිල තීරණයට අධිකාරියටත් ඉඩ

2012 පෙබරවාරි 21 වෙනි අඟහරුවාදා, 20:12



පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත ජාතික ඖෂධ පනත මගින් ඖෂධ පාලන මිල පිළිබඳ ඖෂධ අධිකාරියට ද මැදිහත් වීමේ බලතල පැවරී ඇති බව ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම පවසයි.

ගුණාත්මක ඖෂධ සම්බන්ධයෙන් පමණක් අධිකාරියට මෙතෙක් බලය පැවරී තිබූ බවත් මෙම නව පනත මගින් මිල සම්බන්ධයෙන් ද මැදිහත් විය හැකි බවත් හෙතෙම සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ඒ අනුව ඉදිරියේ දී ජනතාවට ගුණාත්මක බවින් අනූන ඖෂධ සාධාරණ මිලකට ලබා ගත හැකි වනු ඇති බවයි.


asianmirror.lk

No comments:

Post a Comment