Wednesday, February 22, 2012

වෛද්යේවරුන්ගේ දරුවන්ට රෝහල ආසන්නයේ සුදුසු පාසල් ලබාදෙන්නැයි ඉල්ලීමක්

2012 පෙබරවාරි 22 වෙනි බදාදා, 08:00


 (කොළඹ -ලංකාපුවත්) වෛද්ය වරුන්ට ස්ථාන මාරු ලබා දීමේදී ඔවුන්ගේ දරුවන්ට රෝහල ආසන්නයේම සුදුසු පාසලක් නොලැබෙන්නේ නම් ස්ථාන මාරු වීම් ලබා නොගැනීමට රජයේ වෛද්යකවරු තීරණය කර ඇත.
වෛද්යවවරුන්ගේ දරුවන් සුදුසු පාසලක් ලබා දීමට කටයුතු කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධ්යා පන අමාත්යක බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී ඇතැයි රජයේ වෛද්ය  නිළධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.
දරුවෙකු පාසලට ඇතුළත් කර ගැනීමේදී අදාළ ප්රදදේශය තුල වසර 05ක් අනිවාර්යෙන්ම පදිංචිව සිටිය යුතු බවට අමාත්යංමශයේ නිකුත් කළ පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක්රිලේඛයේ සටහන් කර ඇත.
එහෙත් වෛද්ය්වරයෙකුට එකම ස්ථානයේ රැදිය සිටිය හැක්කේ වසර 04 කාලයක් පමණ වන අතර ඉන් අනතුරුව ඔහුට වෙනත් ප්රරදේශයක ස්ථාන මාරුවීම් ලබා දේ.
මෙවන් තත්වයක් මත වසර 05 ස්ථිර පදිංචිය තහවුරු කිරීමට කිසිම වෛද්ය වරයෙකුට හැකියාව නොමැති බව රජයේ වෛද්යර නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්යට අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment