Tuesday, February 28, 2012

එස්.බී. උසස් අධ්‍යාපන ඇමති නොවේ. විනෝද කටයුතු ඇමතියි

February 27, 2012 at 11:14 am | Lanka C News.



එස්.බී. දිසානායක මහතා උසස් අධ්‍යාපන ඇමති නොව විනෝද කටයුතු ඇමති යයි වෛද්‍ය පීඨ ක‍්‍රියාකාරී කමිටුව පවසයි.
එහි කැඳවුම්කරු තිලාන් ප‍්‍රනාන්දු මෙසේ පවසන්නේ එස්.බී. දිසානායක මහතා විසින් කවුරු විරුද්ද වුනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරනවා යයි කල ප‍්‍රකාශයට පිළිතුරක් ලෙසයි.
මේ අය හදන්නේ අධ්‍යාපනය විනාශ කරන්නයි. අපි මේ ක‍්‍රියාමාර්ගයට තරයේම විරුද්ධ වෙනවා. අපි දැඩිව අවධාරණය කරනවා අපි ඉන්නකම් අධ්‍යාපනය විකුනන්න දෙන්නෙ නෑ. ඒ වගේම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාන්න දෙන්නෙත් නෑ. මේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඉන්නකම් මේ දේ කොහොමවක් වෙන්නෙ නෑ යයිද තිලාන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසයි.

lankacnews.com

No comments:

Post a Comment