February 1, 2012 11:17 am
adaderana
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සිදුවීයයි කියනු ලබන අක්‍රමිකතා හා මූල්‍ය වංචාවන් පිළිබඳ සොයාබලන ලෙස ඉල්ලා අල්ලස් හා දූෂණ වංචා විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබේ. අද පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන් පිරිසක් විසින්මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
2010 වසරේ මිලියන 58 ක ඉඩමක් මිලදී ගැනීමේදී මහා පරිමාණ අක්‍රමිකතාවක් සිදුකළ බව,වෙද සිසුන්ගේ මුදල්වලින් වෛද්‍ය සභාවේ වගකිවයුත්තන් පවුල් පිටින් විදේශ සංචාරවල නිතරවීම යනාදී වශයෙන් චෝදනා කිහිපයක් මෙම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබේ.
No comments:
Post a Comment