Wednesday, February 8, 2012

හෙද සේවකයෝ හෙට උද්ඝෝෂණයක

2012 පෙබරවාරි 08 වෙනි බදාදා, 18:56 Sri Lanka Mirror Editor


Srilankamirror - හෙද සේවයේ කිසිදු ගැටළුවක් සදහා නිශ්චිත විසදුම් නොලැබීමට විරෝධය දක්වා පෙබරවාරී 09 (හෙට) දහවල් 12.00 සියළු රෝහල් ඉදිරිපිට දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව රජයේ හෙද සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.එහි ප‍්‍රධාන උද්ඝෝෂණය ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට දී පැවැත් වීමට නියමිත බවද පැවසේ.ඊට අමතරව රාගම, මහරගම, රත්නපුර, කරාපිටිය, මහනුවර, හම්බන්තොට, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත‍්‍රිකුණාමලය, කල්මුනේ ඇතුළු දිවයින පුරා ප‍්‍රධාන රෝහල් 50 කදී විරෝධතා උද්ඝෝෂණ සිදු කිරීමට නියමිත බවද අදාළ නිවේදනයේ දැක් වේ.
මෙය පසුගිය ජනවාරී 31 වැනිදා දිවයින පුරා රෝහල් ඉදිරිපිට දී පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරයේ දෙවැනි අදියර බවද සංවිධායකයෝ කියති
වසර 2 ක පමණ කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කලද පහත දැක්වෙන ඉල්ලීම් ඇතුළත්ව ඉල්ලීම් 18 ක් සඳහා මෙතෙක් විසඳුම් ලැබී නැතැයි පැවසේ.අදාළ මූලික ඉල්ලීම් මෙසේය.

01.
විශ්වවිද්‍යාලවලින් පිටවී ඇති හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බදවා නොගැනීම

02.පැරණි
ව්‍යවස්ථාවට අදාලව ෂෂ ශ්‍රේණියේ උසස් වීම් හා අධි ශ්‍රේණියේ උසස් වීම් හෙද නිළධාරීන්හට ලබා

03. 2011
වර්ෂය සදහා ස්ථාන මාරු මණ්ඩල නොපැවැත්වීම හා ස්ථාන මාරු ලබා නොදීම

04.
නිල ඇදුම් දීමනාව 2012 මූල්‍ය තත්ත්වයන්වලට අදාළව යථාවත් නොකිරීම

05.
වෛද්‍ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවට ලබා නොදීම

06.
රාජ්‍ය සේවකයන්හට ක‍්‍රියාත්මක වන දින 05 සතිය හෙද නිළධාරීන්හට ක‍්‍රියාත්මක නොකිරීම

07.
හෙද සේවාවේ අතිකාල දීමනාව පැයට මාසික වැටුපෙන් 1/180 ලෙස ලබා නොදීම

08.
අනතුරු දීමනාව, ශල්‍යාගාර දීමනාව හා භාණ්ඩ භාරකාරීත්ව දීමනා වර්තමාන මූල්‍ය තත්ත්වයන්ට යථාවත් නොකිරීම හා ගෙවන ඒකක සංශෝධනය නොකිරීම.

No comments:

Post a Comment