Saturday, February 18, 2012

මාතෘ‍ සෞඛ්‍ය සේවා උපදේශන මාලාව සං‍ශෝධනය කෙරෙයි

February 18, 2012  02:47 pm
ශ්‍රී ලංකාවේ මාතෘ‍ සෞඛ්‍ය සේවාව නැංවීමේ අරමුණින් මෙතෙක් පැවති පැරණි උපදේශන මාලාව සං‍ශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මකය.
දරු ප්‍රසූතියේ දී රෝහල් තුළ සිදුවන දරු ප්‍රසූති අනුපාතය ශ්‍රී ලංකාවේ 98% ක් වන අතර මෙම තත්ත්වය සියයට සියය දක්වා නංවාලීම නව සංශෝධන මාලාව ක්‍රියාත්මක කිරීමේ අරමුණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.
මාතෘ සෞඛ්‍ය සායනයට පැමිණෙන සෑම මවක් සමගම ඇගේ ස්වාමිපුරුෂයා ද පැමිණීම අත්‍යවශ්‍ය බව ද නව සංශෝධන මාලාව තුළට ඇතුළත්ය.

adaderana.lk

No comments:

Post a Comment