Saturday, December 17, 2011

ප්‍රදේශ 8ක ගබ්සා මධ්‍යස්‌ථාන 11ක දොස්‌තරලා පැහැරගත් කප්පම් කල්ලිය දැලේ

කාන්තාවක සමග පිරිමි 6 ක්වැඩේට හවුල්

හේමන්ත රන්දුණු
රට පුරා විවිධ ප්රදේශවල පිහිටි ගබ්සා මධ්යස්ථානවලට කඩා වැදී වෛද්යවරුන් පැහැරගෙන ගොස්ඔවුන් සිරකර තබා ගෙන රුපියල් කෝටියක අධික මුදල් කප්පම් වශයෙන් ලබාගත් 7 දෙනෙකුගෙන් සමන්විත සංවිධානාත්මක කණ්ඩායමක්කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (14 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ පැහැර ගැනීමට ලක්වූ සියලුම වෛද්යවරුන් නීති විරෝධී ආකාරයට ගබ්සාවන් සිදුකරන වෛද්යවරුන් නිසා ඔවුන් මෙම කප්පම් කණ්ඩායම පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කිරීමට ඉදිරිපත්ව නැත.
පොලිස්කණ්ඩායමක්ලෙස වෙස්වලාගෙන මෙම කප්පම් කණ්ඩායම ප්රදේශ අටක ගබ්සා මධ්යස්ථාන එකොළහකට කඩා වැදී වෛද්යවරුන් එකොළොස්දෙනෙකුගෙන් මෙම මුදල් ලබාගෙන ඇති බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.
ඉකුත් ඔක්තෝබර් මස 4 වැනිදා කොල්ලුපිටිය පදිංචි වෛද්යවරයකුගේ නිවසට කඩා වැදී ඇති මෙම සංවිධානාත්මක කණ්ඩායම තහන් පොලිස්නිලධාරීන් බව කියමින් නිවස පරීක්ෂා කර තිබේ.
එම වෛද්යවරයා කුරුණෑගල ප්රදේශයේ ගබ්සා මධ්යස්ථානයක්පවත්වාගෙන යන අයෙකි. මේ පිළිබඳව තොරතුරු විමසූ සංවිධානාත්මක කණ්ඩායම වෛද්යවරයා පැහැරගෙන ගොස්ඔහු මුදා හැරීමට නම් රුපියල් විසිපන් ලක්ෂයක කප්පම් මුදලක්ලබාදෙන ලෙස කියමින් නිවැසියන්ට තර්ජනය කර ඇත.
කප්පම්කරුවන් කුරුණෑගල පිහිටි මෙම වෛද්යවරයාට අයත් ගබ්සා මධ්යස්ථානයේ කළමනාකරුට කතාකර අදාළ මුදල වහාම ගෙවන ලෙසත් එසේ නොකළොත් වෛද්යවරයා මරා දමන බවත් කියමින් තර්ජනය කර තබේ.
පසුව කුරුණෑගල ගබ්සා මධ්යස්ථානයේ කළමනාකරු අදාළ කප්පම් මුදල සංවිධානාත්මක කල්ලිය වෙත ලබාදී ඇත.
මෙම පැහැර ගැනීම පිළිබඳව වෛද්යවරයාගේ ඥතීන් කොල්ලුපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක්කර තිබිණි.
කප්පම් මුදල ලබා ගැනීමෙන් පසු වෛද්යවරයා වරකාපොල ප්රදේශයේදී මුදාහැර තිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ ඉන්පසුවය.
අපරාධ කොට්ඨාසයේ අධ්යක් පොලිස්අධිකාරී ආර්. එල්. රණවීර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ එහි ස්ථානාධිපති හේමන්ත දික්ඕවිට පොලිස්පරීක්ෂක ජනක කුලරත්න ඇතුළු නිලධාරීන් මාස දෙකක්තිස්සේ කළ පරීක්ෂණවලින් පසු මේ කප්පම් කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට හැකි විය.
මෙම කප්පම් කල්ලියට කාන්තාවක්සහ පිරිමි 6 දෙනෙකු සම්බන්ධ බව පොලිසිය පවසයි. ගබ්සාවක්කර ගැනීමට පැමිණි කාන්තාවක ලෙස රංගනයේ යෙදෙමින් මෙම කල්ලියට සම්බන්ධ කාන්තාව මුලින්ම ගබ්සා මධ්යස්ථානය වෙත යවනු ලබයි.
පසුව කප්පම් කල්ලිය පොලිස්නිල ඇඳුම්වලින් සැරසී එම මධ්යස්ථානය වෙත කඩා වැදී එහි සිටින වෛද්යවරයා පැහැරගෙන ගොස්සිරකර ගෙන අදාළ මුදල් ලබාගෙන ඇති බව පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
පරීක්ෂණවලින් හෙළිවී ඇති අන්දමට කොල්ලුපිටියේ වෛද්යවරයාගෙන් ලබාගත් රුපියල් ලක් 25 අමතරව වත්තල වෛද්යවරයකුගෙන් ලක් 17 ක් නිට්ටඹුවේ වෛද්යවරුන් දෙදෙනකුගෙන් රුපියල් ලක් 19 ක්, කෑගල්ල, මාවනැල්ල, හලාවත, ජාඇල, පානදුර ප්රදේශවල වෛද්යවරුන්ගෙන් තවත් රුපියල් ලක් ගණනක මුදල් කප්පම් වශයෙන් ලබාගෙන ඇත.
පැහැර ගැනීමට ලක්වූ සියලුම වෛද්යවරුන් ගබ්සා වෛද්යවරුන් නිසා ඔවුන් මේ පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කිරීමට ඉදිරිපත්ව නැත.
මෙම කප්පම් කල්ලිය මෙහෙයවා ඇත්තේ කොටියාකුඹුර ප්රදේශයේ පුද්ගලයකු විසිනි. වෛද්යවරුන් පැහැර ගැනීමට යොදා ගන්නා සුඛෝපභෝගී වාහන කීපයක් කොළඹ අපරාධ කොට්ඨාස භාරයට ගෙන ඇත.
කප්පම්කරුවන් ලබාගත් මුදල් වලින් මිලයට ගත් මෝටර් රථයක්සහ තවත් වටිනා භාණ් රැසක් පොලිස්භාරයට ගෙන තිබේ.
මෙම සංවිධානාත්මක කණ්ඩායම රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්රශ්න කරගෙන යයි.
කොළඹ දිසාව භාර නියෝජ් පොලිස්පති අනුර සේනානායක අපරාධ කොට්ඨාසයේ අධ්යක් ආර්. එල්. රණවීර මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ එහි ස්ථානාධිපති හේමන්ත දික්ඕවිට පොලිස්පරීක්ෂක ජනක කුලරත්න මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක . සරත්, සැරයන්වරුන් වන (26885), ජයලාල්, (20921) මර්වින්, (31065) ජයනෙත්ති, (570) රෝහණ, (84333) වික්රමනායක, (77161) ධර්මතිලක මහත්වරු ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
Divaina 2011.12.15

No comments:

Post a Comment