Saturday, December 17, 2011

හදවත් සැත්කම් නතර කළාට කරාපිටියේ රෝගීහු විරෝධතාවේ

ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි - ගාල්ල
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස්ශල් ඒකකයේ සැත්කම් කටයුතු තාවකාලිකව නතර කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වා ඊයේ (15 දා) දහවල් මෙම ඒකකයේ නේවාසික හදවත් රෝගීහු හා ඔවුන්ගේ ඥතීහු පිරිසක්රෝහල් භූමිය තුළදී විරෝධතා ව්යාපාරයක නිරත වූහ. ශල්යාගාර තුළ විෂබීජයක්පැතිරීයැම නිසා හදවත් සැත්කම් කටයුතු නතරකොට ඇති අතර මෙම තත්ත්වය නිසා සැත්කම් කරනු ලැබූ හදවත් රෝගීහු දෙදෙනෙක් මියගියහ.
මෙම ඒකකය නවීකරණය කිරීම සඳහා මාස නවයක (9 ) පමණ කාලයක්වසා දමා තිබූ බවත් ඒකකය විවෘතකොට සැත්කම් කිරීම පටන්ගෙන සති දෙකක්තුළ යළි වසා දැමීම නිසා හදවත් රෝගීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් හදවත් රෝගීන්ගේ සහායට විරෝධතාවට එක් සිටි දකුණු පළාත් හිටපු .වි.පෙ. මන්ත්රී රත්න ගමගේ මහතා පැවසීය.
හදවත් රෝගීන්ට සහාය පළ කරමින් .වි.පෙ. හිටපු පළාත් සභා මන්ත්රීවරයා සමග බෝපේ-පෝද්දල ප්රාදේශීය සභා මන්ත්රී හර්ෂ ලියනගේ මහතා එම විරෝධතාවට එක් සිටියේය.
මේ පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ් අධ්යක් වෛද් ජයම්පති සේනානායක මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු මෙසේ කීය.
විෂබීජයක්ශල්යාගාර තුළට පැතිරීයැම නිසායි හදවත් සැත්කම් නතර කළේ. වායුසමීකරණ යන්ත් මගින් තමයි විෂබීජය පැතිරී ගිහින් තියෙන්නේ. හදවත් රෝගීන් දෙදෙනකු මියගියා. සිංගප්පූරුවේ සමාගමක්මගින් තමයි මෙහි නවීකරණ කටයුතු සිදු කළේ. ලබන සෙනසුරාදා එහි සමාගමේ නියෝජිතයකු රෝහලට පැමිණෙනවා. ලබන බ්රහස්පතින්දා වන විට හදවත් සැත්කම් ඒකකය යළි සැත්කම් කටයුතු සඳහා විවෘත කරන්න පුළුවන්.
Divaina 2011.12.16

No comments:

Post a Comment