Monday, December 5, 2011

වෛද්‍ය සභාවේ සභාපතීත්වය පිළිබඳ ජනපතිගෙන් විසඳුමක් පතනවා-සෞඛ්‍ය ඇමති


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුර සම්බන්ධයෙන් දැනට උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීමට තීරණය කර ඇත.

වෛද්‍ය සභාවේ සභාපතිනී මහාචාර්ය ලලිතා මෙන්ඩිස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇති බැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ඇමතිවරයා මෙම තීරණය ගෙන ඇති බව සංගමයේ උප ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර සඳහන් කරයි.

පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි හෛතෙම සඳහන් කළේ ය.

http://www.asianmirror.lk/index.php/business/6311-2011-12-03-17-07-17

No comments:

Post a Comment