Tuesday, January 3, 2012

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂට මරණ තර්ජන කළ ඇමැතිගේ සම්බන්ධීකරණ නිලධාරියාට එරෙහිව අමාත්‍යාංශයෙන් "රතු එළියක්‌"

අජිත් අලහකෝන්
සෞඛ් සේවා අධ්යක් ජනරාල්වරයාට මරණ තර්ජන එල්ල කළේ යෑයි කියන සෞඛ් ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා එම තනතුරින් ඉවත් නොකළොත් අමාත්යාංශ නිලධාරීන් සියලු දෙනා පරිපාලන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත. සෞඛ් ඇමැති මෛත්රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරන මෙම සීමාවාසික වෛද්යවරයා ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සෞඛ් සේවා අධ්යක් ජනරාල් වෛද් අජිත් මෙන්ඩිස්මහතාට මරණ තර්ජන එල්ල කර ඇතැයි සෞඛ් අමාත්යාංශයේ නිලධාරියෙක්"දිවයින" කීය.
මෙම පුද්ගලයා වහා ඇමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙන් ඉවත් නොකළොත් සියලුම නිලධාරීන් අමාත්යාංශයේ පරිපාලන රාජකාරිවලින් ඉවත් වන බවට අනතුරු අඟවා ඇත. යම් හෙයකින් මොවුන් රාජකාරි කටයුතු අත්හැරීමක්සිදු කළහොත් ඖෂධ සැපයීම, මෙන්ම දිවයිනේ සියලුම රෝහල්වල පරිපාලන කටයුතුද අඩාල වීමට ඉඩ ඇතැයි ඉහත නිලධාරියා ප්රකාශ කළේය.
සෞඛ් අමාත්යාංශයේ ටෙන්ඩර් තම හිතවතෙකුට ලබා දෙන්නැයි මෙම සීමාවාසික වෛද්යවරයා සෞඛ් සේවා අධ්යක් ජනරාල්වරයාට බලපෑම් කර ඇතැයි ඉහත නිලධාරියා කීවේය.
ටෙන්ඩර් පටිපාටියට මැදිහත්වීමට සීමාවාසික වෛද්යවරයකුට කිසිදු අයිතියක්නැතැයි සෞඛ් සේවා අධ්යක් ජනරාල් වෛද් අජිත් මෙන්ඩිස්මහතා ඉහත පුද්ගලයාට පැවැසූ විට දෙදෙනා අතර බහින් බස්වීමක්සිදුව තිබේ.

"
මම දකුණේ... මට හිතවත් ඇමැතිවරු ඕන තරම් ඉන්නවා. පිහිය බස්සල තමයි පස් බලන්නේ." යෑයි සෞඛ් ඇමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ නිලධාරියකු බව කියන සීමාවාසික වෛද්යවරයා වෛද් අජිත් මෙන්ඩිස්මහතාට මරණ තර්ජන එල්ල කළ බව හෙතෙම කීය.
මේ සම්බන්ධයෙන් සෞඛ් අමාත්යාංශයේ ඉහළ පරිපාලන නිලධාරීන් අද (3 දා) ඇමැති මෛත්රිපාල සිරිසේන මහතා සමඟ විශේෂ සාකච්ඡාවක්පවත්වන බව ඉහත නිලධාරියා වැඩිදුරටත් කීවේය.
Divaina 2012.01.03

No comments:

Post a Comment