Wednesday, January 25, 2012

පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමේ පනත ඉවත් කර ගැනීමේ කිසිදු අදහසක්‌ නෑ-උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක

සිසුන්ට ණයට ලැප්ටොප් ලබාදීමට බැංකු එකඟ වූයේ
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත
ක්‍රියාත්මක කරන පොරොන්දුවටයි
උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක


නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා ණය ලබාදීමට බැංකු එකඟ වූයේ පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමේ පනත ක්‍රියාත්මක කරන බවට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය දුන් පොරොන්දුව මත යෑයි මහතා පැවසීය.

ලැප්ටොප් මිලට ගත් සිසුන් උපාධිය අවසන් කර රැකියාවක නිරත වන ආයතනයේ වැටුපෙන් එම ණය මුදල අය කර ගැනීමේ විධිවිධාන එම පනතට ඇතුළත් කෙරෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (25 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ ඇමැතිවරයා එම පනත ඉවත් කර ගැනීමේ කිසිදු අදහසක්‌ නොමැති බවද ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද ඇතුළු සියලු පාර්ශ්ව සමඟ මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවද කීවේය. ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස්‌ පෙරමුණ සමගද එම පනත පිළිබඳව සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා කීය. එලෙස සාකච්ඡා කරමින් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත පනත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද දිසානායක මහතා කියා සිටියේය.

Divaina 2012.01.26

No comments:

Post a Comment